(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද (06) රාත්‍රීයේ පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ,මහචාර්ය ජී.එල් පීරිස් ,දයාසිරි ජයසේකර ,මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන ,විමල් වීරවංශ උදය ගම්මන්පිල, ඩඩ්ලස් දේවානන්ද ,වාසුදේව නානායක්කාර , ඒ.එච්.එම් අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළ පක්ෂ නායකයින් පිරිසක් සහභාගි වූහ.
නව දේශපාලන සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකුද පත්කර එය පුළුල් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.
ඒ අනුව දයාසිරි ජයසේකර,තිලංග සුමතිපාල, ඒ.එච්.එම් අතාවුල්ලා ,ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරු එම කමිටුවට පත්කර ඇති අතර එම කමිටුවේ කැඳවුම්කරු ලෙස උදය ගම්මන්පිල මහතා පත්කර ඇත.
නව දේශපාලන සන්ධානය ඉදිරියේදී සති දෙකක කාලය තුළ එකඟතාවක් ඇති කර ගැනීම මෙම කමිටුව පවරා ඇතැයි වාර්තා වේ.
එම කමිමුවේ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ පක්ෂ නායකයින් ලබන 16 හෝ 17 යළි රැස්වීමටස අද පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනදේ කලත් අන්තිමට මහින්ද මහත්තයා කියන දේ තමයි ඔක්කොමලාට නටන්න වෙන්න....
කවුරු මොනවා කිවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මතය තමයි ක්‍රියාත්මක වෙන්නේ