
ජනාධිපති ගෝඨාභය මහතා අද (26) මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳු වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී දියවඩන නිලමේ නිලංග දෑල මහතා ජනාධිපතිවරයා පිළිගත්තේය.
ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පර්ශවයේ මහා නා හිමියන් බැහැ දැක සුවදුක් විමසීය.
මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝද බැහැ දුටු ජනාධිපතිවරයා අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ද නිරීක්ෂණය කළේය.
මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තේය.


COMMENTS
අපරාදේ ජනාධිපතිතුමාගේ කාලය... මහානායක හාමුදුරුවන් බැහැ දකින්න ගියත් නැතත් ප්‍රතිඵලයේ වෙනසක් නෑ... රටට මොන විපතක් වුණත් උන්වහන්සේලා කතාකරන්නේ නෑ...
බෙන්ස් පූජාවක් එහෙම තිබ්බේ නැතෙයි?
කියපු බොරු වලට සමාව ඉල්ලන්න වෙන්න ඇති....!!!
රටට සෞභාග්‍ය උදාකරන්ඩ ආපු උත්තමයා
නන්දෙ ඔබට කළ නොහැකිව තිබූ කතාව, රටවැසියනි, මට වැරදුණා..! මම පවුලේ අයට සළකන්න ගිහින් වැඩේ අල කරගත්තා.. ඔවුන් දැන් මාව අල්ලේ නටවනවා. මම මා සතු අසීමිත රාජ්‍ය බලය රට දියුණු කිරීමට නොව සනුහරේ දියුණුවට යෙදෙව්වා. මම රටේ සම්පත් විකිණීමට අනුබල දුන්නා... මම නුසුදුස්සන් ඉහළ තනතුරු වලට පත් කළා... මම කොරෝනා මර්දනය අනාගත්තා. මම ජන මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළා.. මම නීතිය නැව්වා කිහිපවරක්... මිනීමරුවන් නිදහස් කළා. මට හෘද සාක්ෂියක් තිබෙන අතර මම බෞද්ධයෙකු ලෙස කර්මය තවමත් විශ්වාස කරනවා මට සමා වෙයල්ලා...! මම අදින් පසු ඉහත කී සියලු වැරදි නිවැරදි කරන්නට දිව්රා පොරොන්දු වෙනවා. බෝ ගහකට පන්සලකට නොව.. මා වෙත විශ්වාසය තැබූ අති මහත් බහුතර (දැන් අසරණ වී සිටින) දුගී, දුප්පත් අහිංසක ජනතාවට... සහ මගේම හෘද සාක්ෂියට... තෙරුවන් සරණයි..!!!