(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද(21) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.
ඒ මහතා සමග පවුලේ සාමාජිකයන් සහ දූත පිරිස ලෙස 21 දෙනෙක් ද සංචාරය සඳහා එක්ව සිටියහ. මෙම පිරිස අලුයම 1.10 ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.
මෙය ඒ මහතාගේ ධුර කාලය තුළ අවසන් වරට නියැලෙන නිල සංචාරය වීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති ලේබලයෙන් ගැලවෙන්න නම් පුතාණෝ දිනන්නම ඕනෑ...
කාගෙන් හෝ ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙනුයි මේ ලියන්නේ... බැරිද කාටහරි මෙයාව එහෙම තියාගන්න කියලා උපකාරයක් ඉල්ලන්න. ලොකු උදව්වක්...
අපේ සිරි අයියා හරිම එක්කෙනා තමයි නේද මෙයා..? අන්තිම මොහොතේත් අපේම සල්ලිවලින් සිරි අයියා තමන්ගේ මුදල්වගේ එහෙම යන එක හරිද මෙයා... මොන ලෝකේ ගියත් කමක් නැහැ ගිහින් ගත්ත දැනුම මොනවද...? ගිය වියදම් මොනවද? ඒ වියදම් කළ මහජන මුදල්වලින් තමන් රටට ගෙනාපු වාසි අවාසි මොනවාද? කාලකන්නි ඥාති හැත්ත බුරුත්ත මහජන මුදලින් එසේ ගියාද නැද්ද එකී මෙකී නොකී සියල්ල සවිස්තරව මහජනතාවට සැලැස්වීම රටේ මුල් පුරවැසියාගේ වගකීම බවත් එය හැකි ඉක්මණින් මහජනතාවට දැනගැනුමට මාධ්‍යයට ඉදිරිපත් කරන ලෙස " පුරවැසියන් විසින් රටේ මුල් පුරවැසියාට මෙයින් නියෝග කරනු ලැබේ".
ලෝක ඉතිහාසයේ දුටු එකම දුර්වලම හා අලසම ජනාධිපති.
අනේ ඇයි ඉතිං ඔයාල ඔය තරමටම ඒ උතුමට ඊ්ෂ්‍යා කරන්නෙ. ඔබලා දන්නෙ නැද්ද එතුමා වෙලෙ ඉපනැල්ලෙ ඇවිද කැලේ කොලේ කාල ඇළෙන් දොළෙන් නාල සරළව ජීවත් වෙන් කැමති මිනිසෙක් කියලා
තව මාසයක් විතර තියෙනවනේ. ඉතින් මේක අන්තිම සංචාරය කියලා අනුමාන කරන්න හදිසි වෙන්න එපා. යන්න කලින් අඩු ගණනේ එක්කෙනෙක් හරි එල්ලලයි යන්නේ කියලත් කියනවනේ. මම මේ කල්පනා කරන්නේ කාලෙකට ඉස්සර අපි ආදරය කරපු ඒ සරල මනුස්සයාට මොකද අප්පේ මේ වුනේ කියලයි...
ලැජ්ජා නැති වුණාම මොනවා කරන්න බැරිද?