නිමන්ති රණසිංහ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට සැලසුම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයවලුන් ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එසේම පළමු සැකකරු වු ඉන්දියන් ජාතිකයා අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කෙරිණි.
දෙවැනි සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 11 වැනි දා නිකුත් කරන බවට ද අධිකරණය දැනුම් දෙනු ලැබීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



(හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා බන්ධනාගාරයට රැගෙන ආ අයුරු)
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2038
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
de Wednesday, 05 December 2018 09:26 AM
අනේ අපේ බදු සල්ලි නේද?...මෙයාලව රිමාන්ඩ් එකේ තියාගන්න වියදම් වෙන්නේ කියල හිතෙද්දි හිතට මහා දුකක් දැනෙනවා බුදු හාමුදුරුවනේ. අපිට, අපේ රටට කිසිම සරණක් නැති වුනා. අපි එක මවකගේ දරුවෝ බුදු හාමුදුරුවනේ. මගේ රටට වැඩම කර.. මගේ රට සමගි කර දෙනුමැනවි...
sudathWednesday, 05 December 2018 12:00 PM
මිනිස්සු මෙච්චරකල් හිරේ යනකොට, කොටි ගහන කොට බදු සල්ලි මතක් වුනේ නැද්ද? ආගමික නායකයෙක් ඇදගත්තේ නිරාගමික නිසාද?
ත්‍රස්තයා Wednesday, 05 December 2018 12:27 PM
හෙන ගහවි ලබන සුමානේ...