
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව දැක්වීය.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (29) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නා හිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
වැලමිටියාවේ කුසලධම්ම නා හිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.




COMMENTS