ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලමින් වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නව ජනාධිපතිවරයා වැඩ බාරගත් පසු තම පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවා අවසන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු වන නිසා එලෙස සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය අවසන් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී ඇත. එම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන පරිදි ස්ථිර කාර්යමණ්ඩලයට බඳවාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත.
සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලවල සේවා ස්ථිර කරන්නැයි අනෙක් කැබිනට් පත්‍රිකාවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉල්ලා තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට ආසන්න පිරිසක් සිටිති. එම කාර්යමණ්ඩලවල කළමනාකරණ සහායකයන් පස්දෙනකු සිටින අතර මාධ්‍ය ලේකම්වරයා ද ඇතුළු තවත් පස්දෙනෙක් ද සිටිති.
(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු කාටද?
අපේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා පෙන්නන්න හොඳ අවස්ථාවක්. ඉල්ලන හැම මගුලටම හා කියන්න නම් ආණ්ඩුවක් මොනවටද? රනිල් අන්තිම අවස්ථාවේවත් මේවට විරුද්ධ වුනොත් රටට හොඳයි.
කොළඹ ගෙවල් තියාගෙන රජයේ නිලනිවසේ ඉන්න කොට අම්මට එපා කියන්න බැරිවුණා. මේ සියල්ල වෙද්දී සජිත් හොඳ නරක තේරුම් ගතයුතු තරුණයෙක්.
සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්... සිරිසේන යන්න ඉස්සෙල්ලා ගෝලයින්ටත් බෙදලාම යන්න හදන්නේ. ඒ අස්සේ ඩීල් හාදයා අනුන්ගේ පහනෙන් එළිය බලනවා වගේ වැඩක් කරන්නේ... ඔය කාර්යමණ්ඩල වල ඉන්නේ හිඟන්නන් වගේ මේකෙන් පේන්නේ... මැතිවරණ කොමිසම මේක වහාම නැවත්විය යුතුය. ඒ වගේම ඊළඟ මහඡන්දෙන් ඩීල් හාදයා ගෙදර යැවිය යුතුයි.
ඉවසුවා ඇති රනිල්.., දැන්වත් ඕකට විරුද්ධ වෙන්න.. මේ මනුස්සයා 2015 ඉඳන්ම කලේ ඔබේ කකුලෙන් ඇදපු එක...
මෙමගින් ගම්‍යවන්නේ කුමක්ද? දියවන්නාඔය අසමජ්ජාති කැලෑවට එන ඕනෑම කෙනෙකුට මහජන මුදලින් වැටුප් මෙන්ම සියලු දීමනා සහිතව රජයේ රැකියාවක් ලබාදීම නොවේද? එම තනතුරු සඳහා සුදුසුකම් ටිකත් එම යෝජනාවේම සඳහන් කළා නම් කොතරම් සුන්දරයිද? එවන් යෝජනාවක් කිසිඳු ලැජ්ජාවක් නැතිව ගෙනාපු අයගේ කටවල්වලට මසුරන් නොවේ දාන්න තියෙන්නේ හොරසල්ලිය.
පව් අප්පා අහිංසකයන් කෝ පුතානො....ඔවට විරුද්ධව ඉන්න කොන්ද පණ නැතෙයි
ඉතින් ඕක තමයි ක්‍රමය.. ජනතාව විසින් කෑ ගසමින් පොලු පහරවල් කමින් දේශපාලකයාව කරඋඩ තියාගෙන ගිහින් බලයට පත්කරවන්නේ ඒ ඔවුනට හිමිදේ රැගෙන යන්නටයි.. එහෙනම් මොකක්ද අවුල..?
වත්මන් ආණ්ඩුව විසින් කප්පම් ගන්නා බව ජනතාව තේරුම් ගත යුතුයි...
හෙන ගහන අපරාද වසර කීපයක් වැඩ කරපු අය ස්ථිර කිරීම
යකෝ මේ අයට හෙනගහන්න එපැයි මහා ජනයාගේ මුදල් ගසා කන්න හදනවාට
පරපෝෂිතයෝ..!!!
රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් පාලනය පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. කථානායකතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නීති විශාරදයන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් කැබිනෙට් මණ්ඩලයට බලතල තිබෙනවාද යන්න පිළිබඳව සොයාබලා පියවර ගැනීම කළ යුතුවේ. නැතහොත් අනාගත රජයන් තවදුරටත් ණය බරින් පීඩාවට පත්වේ.
ඉතා වැරදි වැඩකි. දැනටමත් මේ අයට විශ්‍රාම වැටුපක් ලැබෙනවා අවුරුදු 5ක් හිටියොත්. රාජ්‍ය සේවකයින්ට අවුරුදු 20ක් ඉන්න ඕනේ විශ්‍රාම වැටුපක් ගන්න. මේ අය කරන සේවයක් නෑ. හොර තක්කඩි වැඩයි ඇමතිගේ වැඩ කරන එක විතරයි කරන්නේ. මිනිස්සුන්ගේ බදු මුදල් වලින් මේ අයට පඩි ගෙවන එකත් වැරදියි.
මේක හොඳ පූර්වාදර්ශයක් නොවෙයි. මෙසේ සේවය කරන බොහෝදෙනෙක් නියමිත රාජකාරි සුදුසුකම් තිබෙන අය නොවෙයි. වැඩි හරියක්ම ඉන්නේ තම පවුලේ ළඟම නෑයන්..., එහෙම නැත්නම් හෙන්චයියන්... කවුරු ආවත් මෙය සේවයේ නියුතු සේවකයින්ට හිරිහැරයක්, තත්වය පහළ දැමීමක්. මින් ඉදිරියේදී තම කාර්ය මණ්ඩලයට දැනට සිටින ඕනෑම රජයේ නිලධාරියෙක් පත්කර ගැනීමට හැකිවන සේ එම කැබිනට් පත්‍රිකාව සංශෝධනය කර සම්මත කර ගන්න කටයුතු කළයුතුයි...
වහාම නැවැත්විය යුතුයි. තමාගේම හෙන්චයියලා ටිකක් රිංගවාගෙන ඔවුන්ට සකලවිධ දීමනාවල් යහමින් ගෙවලා තව විශ්‍රාම වැටුපකුත්.. නරක නැහැ. අනේ මෙහෙමත් උලාකෑමක් !! ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ජනාධිපති වරයෙකුගේ කාර්ය මණ්ඩලයට නිසි දඬුවම් දීම සුදුසුයි.
ජනාධිපතිගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට රජයෙන් ගෙවන්නේ මොකටද? ඔවුන්ට ගෙවන්න ඕනේ ජනාධිපතිගේ පුද්ගලික මුදල්වලින් නොවැ...!! මේක මහජන මුදල් කොල්ලකෑමක්..!!
මේවා ඉතාම නරක ආදර්ශ. මෙහෙම වුණොත් පත්වෙන හැම කෙනාගේම හෙන්චයියන් ස්ථිර කරන්න වෙනවා. අනික මේවයේ ඉන්න අයගෙන් 2/3ක්ම ඉන්නේ වහල්ලු වගේ කියන දේ කරන කිසිම දෙයක් හිතලා මතල කරන්න බැරි අය. මේ අය මෙහෙම ස්ථිර කරන්න ගියොත් මේ රට ඉතුරු වෙන්නේ නෑ. මොහු ජනාධිපතිකමෙන් යන්න යන්නේ මේ රට කාබාසිනියා කරලයි. මේවා දෙවියෝම බලන්න ඕනෑ. සිරිසේන ඉන්න හිටින්න ඉතා සැපපහසු මාලිගාවක් සහ හත්මුතු පරම්පරා 7කට හම්බ කරගෙන තව වටේ ඉන්න අයටත් බෙදාගෙන මෙරට කනවා.
ඔය වැඩේම චන්ද්‍රිකාත් කළා. කවුරුත් කරන්නේ යන යකා කොරහත් බිඳගෙනම යාමයි. අතින් මිටින් යනවයැ.. අපේ සල්ලිවලින් හෙන්චයියන්ට බෙදන එකනේ. දැන්වත් අපේ මිනිස්සු තේරුම් ගන්නවා නම් හොඳයි මේ සකලවිධ නායකයින්ම කරන්නේ අපට කොකා පෙන්නීම බව. එ්ත් මහින්ද හාමුදුරුවෝ අර ප්‍රසිද්ධ කවියේදී කිව්වා වගේ "ඇස් ගෙඩි දෙකට හෙන වැදිලද සිහලුන්නේ". අපි ඇත්ත දකින්න හරි අකමැතියි හාමුදුරුවනේ...!
මෙයා යන්න කලින් අපේ බදු සල්ලි නැති කරලා යන්නේ. ගේ ගත්තා. මිනිමරුවෝ නිදහස් කළා. පත්වීම් දුන්නා. දැන් මේක. මේ නම් පිළිලයක්.
මොවුන්ගේ සුදුසුකම් මොනවද?
වැරදි වැඩක් මේක... පෞද්ගලික කාර්ය මණ්ඩල කියන එකේ තේරුම මොකද්ද? මේ අය ස්ථිර රජයේ සේවකයන් වෙනවා නම්...
EC අවධානය පිණිසයි...
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ....
මේ තියෙන්නේ පරාජයේ පෙර නිමිති.. මොවුන් හොඳටම දන්නවා නියත පරාජයක් ලැබෙන බව.. නැත්තං මොකටද ආණ්ඩුවේ ඇමැතිලාගේ කාර්ය මණ්ඩලය ඡන්දෙට කලින් ස්ථිර කරන්න දඟලන්නේ. දිනනවා නම් ඊට පස්සේ කරන්න පුලුවන්නේ..
මේක ජාතික අපරාධ... අනේ අපේ රටට වෙච්ච දෙයක්. දේශපාලඥයින් ඇතුළු ඔවුන්ගේ හෙව්චයියන්ට රජ මගුල්..