(ඩයනා උදයංගනී)
ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා මේ දිනවල උතුරු නැගෙනහිර පළාත්වල සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරතව සිටී.
මහේෂ් සේනානායක මහතා මීට දෙදිනකට පමණ පෙර කොළඹ සිට යාපනය දක්වා ගමන් කළේ දුම්රියෙනි.
ඔහු ඇතුළු පිරිසට යාපනය දුම්රිය ස්ථානයේ දී ඉහළ පිළිගැනීමක් හිමිවූයේ සර්ව ආගමික ආශීර්වාදයන්ද සමඟිනි.
නාගදීප විහාරස්ථානයට ද ගොස් ආශීර්වාද ලබාගත් මහේෂ් සේනානායක මහතා යාපනයේ ජනතාව අතරට පා ගමනින්ම ගොස් තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත විය.
පසුව නැගෙනහිර පළාත වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා අද උදෑසන ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුණ ගැසී තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.
මහේෂ් සේනානායක මහතා හෙට (2) දිනයේදී මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වීමට නියමිතය.



COMMENTS
ඉස්සර රටට එන කුමන්ත්‍රණ අඳුරගන්න පොඩි හරි ක්‍රමයක් තිබුණා. එ්ත් දැන්? මට තියන එකම ප්‍රශ්නේ ෆොන්සේකාට, ශවේන්ද්‍රට, ජගත් ඩයස්ට, කමල් ගුණරත්නට ඇමෙරිකාවේ තියන අප්‍රසාදය, විරෝධය මේ හිටපු හමුදාපතිට නැත්තේ ඇයි කියලා?
පළමු අගමැති මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක මැතිඳුන්ට පසුව මෙලෙස දුම්රියෙන් ගමන්ගිය රාජ්‍ය නායකත්වය අපේක්ෂාකරන පළමු තැනැත්තා මෙතුමා විය හැකිය. ජයවේවා...!!!
වෙනසක් වෙන්නත් එක්ක ඔබ පත්වෙනවා නම් හොඳයි. හැබැයි අපේ ලේ කොළ පාට, නිල්පාට හින්දා අපේ කට්ටිය දෙන්නේ අර දෙන්නගෙන් කෙනෙකුටයි. පුළුවන් නම් අනුරත් එක්කත් එකතුවෙලා එක පෙරමුණකට එන්න. එතකොට සැබෑ තුන්වැනි බලවේගයක් ඇතිවෙයි.
71 වසරක මේ රටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගේනවැයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. ඔබේ ඡන්දයට සබෑවටිනා කමක්...
සජිත් දුම්රියෙන් ගියා. උඹලට එ්ක පෙනුනේ නැද්ද?