IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති අපේක්ෂක ගැන ටීඑන්ඒ රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන්

(රොමේෂ් මධුෂංඛ)

ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත් කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් අතර යාපනයේදී අද (30) සවස පැවති රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි.

තැපල් ඡන්දයට පෙර දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපති අපේකෂකයා පිළිබඳව තීරණයක් ලබා දීමට අද සවස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකවරු මෙසේ සාකච්ඡාවකට සහභාගී වූහ.

නමුත් සාකච්ඡාවට සහභාගී වූවන්ගේ පරස්පර යෝජනා හා තීරණ හේතුවෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ඡාව පසුවට කල් දමා ඇති අතර නැවත රැස්වෙන දිනයක්ද තීරණය කර නොමැති බව දෙමළ පක්ෂ වල සාමාජිකයෝ පැවසූහ.

ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 13 ට අත්සන් තැබූ දෙමළ ජනතා පෙරමුණේ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහභාගී වී නොමැත.

මෙම සාකච්ඡාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරා , දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී.ටී.සිද්ධාර්තන්, ටොලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ඇතුලු තවත් සිවිල් සංවිධාන නායකයින් පිරිසක් සහභාගී වූහ.



අදහස් (7)

ජනපති අපේක්ෂක ගැන ටීඑන්ඒ රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන්

jayath Thursday, 31 October 2019 03:03 AM

අර උන්නැහේ නම් නොහිටි එකම හොඳයි. නමුත් සම්බන්ධන් වගේ මධ්‍යස්ථ මතධාරීන් සමහරවිට අවසාන එක්කෙනා වෙන්න පුළුවන්... ඒ නිසා ඒ අයගෙන් අපි ප්‍රයෝජන ගත යුතුමයි.

:       0       6

rajuThursday, 31 October 2019 05:20 AM

සම්බන්ධන් මධ්‍යස්ථ මතධාරියෙක්... කොහෙන්ද හිනාවෙන්නේ..? හැබැයි සුමන්දිරන් ඊටත් වඩා අමාරුකාරයෙක් වගේ..

:       0       5

sharm warn Thursday, 31 October 2019 03:22 AM

එ් කියන්නේ මහලොකුවට යෝජනා 13ක් ගෙනාවට එයාලම දන්නවා කරන්නේ සක්කිලි වැඩක් කියලා...

:       0       112

Deepal Nirosh Thursday, 31 October 2019 04:25 AM

ජනපතිවරණය දිනුවත්, නොදිනුවත් මෙන්න මේවා තමයි තරඟ බිමට පැමිණීමෙන් රට, ජාතිය ලැබූ සැබෑම සැබෑ ජයග්‍රහණ. දෙදෙනාටම තව දුරටත් ඒ ප්‍රතිපත්තියේ පිහිටා සිටිමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනයයි.

:       0       3

Mann Thursday, 31 October 2019 04:25 AM

අපි අහුවුණා කියලා හිතාගන්නකෝ...

:       0       4

Dhilak Gamage Thursday, 31 October 2019 07:37 AM

මොන යෝජනා ගෙනාවත් අනිත් මොන පක්ෂයක්වත් එකඟ වෙන්නේ නැහැ...

:       1       12

Wayne G Friday, 01 November 2019 04:52 AM

මේ ගොල්ලත් බොරුකාරයෝ බව උතුරේ ජනතාව දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site