IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ යවන්න කොමිසමෙන් දුන්න මුදල් මදි

(ජයන්ත සමරකෝන්)

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යැවීම ඇතුළු සියලුම තැපැල් වියදම් සඳහා මැතිවරණ කොමිසම රුපියල් මිලියන 4190 ක් ලබාදී ඇතත් ඒවා නොමිලයේ යැවීම සඳහා පමණක් රුපියල් මිලියන 3000 ක් පමණ ප්‍රකාශිත නොවන වියදමක් දැරීමට සිදුවී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

මැතිවරණ කොමිසමෙන් ප්‍රමාණවත් නොවන බවද ඇති අතිකාල වියදම් සඳහා පමණක් ප්‍රමාණවත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් ග්‍රෑම් 20 ක් බර ලිපියක් තැපැල් කිරීම සඳහා රුපියල් 15 ක වියදමක් දැරීමට සිදුවන අතර අවම බර සහිත ප්‍රතිපත්ති ප්‍රකාශ 35 ක් නිවාස ලක්ෂ 54 කට බෙදා හැරීය යුතු බවද ඔහු කීවේය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ 35 අවම බරට වඩා වැඩිවිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (11)

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ යවන්න කොමිසමෙන් දුන්න මුදල් මදි

Mahee Sunday, 27 October 2019 01:05 PM

දෙවියනේ..., මේක නම් පුදුම රටක්. ඔය පිටරටවල ඉන්න මහත්වරු කරුණාකරලා අපට කියනවද? ඒ රටවල් වලත් දේශපාලුවන්ගේ බොරු වට්ටෝරුත් ආණ්ඩුව ගණනේ මිනිස්සුන්ට යවනවද කියලා...

:       126       212

sandy123 Sunday, 27 October 2019 01:23 PM

මේවා සහගහන අපරාධ. දුක් විඳින ජනතාවගේ බදු මුදල්...

:       119       215

මසිරිපාලMonday, 28 October 2019 07:04 AM

මම නිසි වයසේදී විශ්‍රාමගත් හිටපු රාජ්‍ය නිළධාරියෙක්. මෙතෙක්කලක් මම කිසිදා දැකල නැහැ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් ලැබීමක්. මෙය මේ අවුරුද්දේ ඇතිකල දෙයක්ද කියා දන්නා කෙනෙක් කියන්න. මේවා ජනතාවගේ බදු මුදල්.

:       0       25

Chathuri Sunday, 27 October 2019 03:14 PM

මොන විකාර වැඩද මේ..? ඔය ප්‍රතිපත්තියේ තියෙන විදියටම වැඩ කරන කට්ටිය... කියන්නේ එකක්... කරන්නේ එකක්, හොරු අල්ලනවා. කියලා දිවුරා කියපු කෙනා... එ් හොරාවම අගමැති කරන්න ගේනවා හොර රහසේ..., දැන් වේදිකා ගහගෙන, බෙරිහන් දීගෙන, ණයට කහින කට්ටියත් වටකරගෙන කියන්නේ මොනවද? තමාගේ දේවල් තමන්ටම කරගන්න කියන්න. වේදිකාව උඩදී , ජනතාවගේ මුදල් වලින්, බොරුබේගල්වලට වියදම් නොකර, තමාගේ හිත පිරිසිදු නම් වංචා, දුෂණ නැතිව, මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ... ඊට වැඩිය හොඳයි තරග කරුවන්ගේ මෙඩිකල් රිපෝට් තැපැල් කරන්න. මෝහනය කර, රටට කරන්න යන විනාශය දැනගන්න. මිනීමරුවා, ලෝක හොරා, බව දැනදැනත් මොවුන්ට තවත් ජනතා මුදල් වියදම් කරනවා. මේ සම්බන්ධ වැඩ කරන කට්ටියට... මානසික ලෙඩක්ද? සේරම ලෙඩ්ඩු...

:       2       145

රජින්ද Sunday, 27 October 2019 04:19 PM

ගිනිපෙට්ටිය ඉවර වුණාම ගෑස් ලිපෙන් සිගරට් පත්තු කරගන්න... ගෙදර හදපු දෙයක් තවත් ගෙදරකට ඔතාගෙන යන්න. පොඩි දරුවන්ට රොකට් හදන්න, තෙත් වෙච්ච කුණු පුච්චනකොට අස්සට ඔබන්න, රස්නේ වෙලාවට පවන් ටිකක් ගහගන්න, කෑම මේසේ මැස්සෝ එලවන්න පාවිච්චියට ගන්න. නොමිලයේ බෙදන නිසා අරගන්න කාටවත් ඵලක් නැති ප්‍රතිපත්ති.... ඔය රුපියල් කෝටි 30න් දුෂ්කර පළාත්වල ඉස්කෝල ළමයින්ට අවුරුද්දටම ඇතිවෙන්න පාසල් උපකරණ අරන් දෙන්න තිබුණා.. ඒ පළාත්වල ඉස්කෝලේ දරුවන් ටිකට හරි පිරිසිදු වතුර බොන්න දෙන්න ක්‍රමයක් හදන්න තිබුණා. මේ වගේ නාස්තියක් කරන්න හිත හදාගන්නේ කොහොමද මේ මිනිස්සු? මොවුන් ආගමක් ධර්මයක් අදහන්නේ නැතිද? අද ෆොන් එකෙන් ඕනෑතරම් ඕවා බලාගන්න පුළුවන්...

:       0       110

ranjith Sunday, 27 October 2019 11:15 PM

දැන්වත් රටේ මුදල් තත්වය වැඩි කර සංවර්ධනය කරන පිළිවෙලක් හිතුවොත් හොද නැතිද? ලෝකෙට ණය වෙලා කරන මේ නාඩගම් නතර කරලා

:       0       0

ලුම්බිණි Sunday, 27 October 2019 11:56 PM

මේක බොරු වැඩක්. මේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශ කීපයක් මම කියෙව්වා. මේවයේ තිබෙන්නේ අරක කරනවා මේක කරනවා කියල විතරයි. මේවා කරන්නේ කොහොමද, මේවට මුදල් කොහෙන්ද කියල කිසිම දෙයක් නැහැ.

:       0       0

manjula Monday, 28 October 2019 01:51 AM

තඹ සතයක් වත් වියදමිකළයුතු නැත.අපේක්ෂකයන් විසින් දරාගතයු වියදමකට, ජනතා මුදල් නාස්ති කරන්න එපා.

:       0       0

shaarm warn Monday, 28 October 2019 04:59 AM

කවදාවත් නොකරන දේවල්. ගල් පැලෙන බොරු. මේවා අපිට එවන්න අපිම ගෙවපු බදු මුදල් යොදවනවා තරම් සහ ගහන අපරාධ වෙන කිසිම රට ක වෙන්නේ නැතුව ඇති ... වැසිකිලියේදී පිහිදා ගන්න වත් පාවිච්චි කරන්න බැරි වෙයි .. කඩල ගොටු ගහන්න ... කඩදාසි මලු හදන්න ... මාළු කඩේ මාළු ඔතන්න ..,.. මෙන්න තවත් ප්‍රයෝජන කිහිපයක් ...

:       0       0

දිලුම් Monday, 28 October 2019 06:26 AM

අද කාලේ ඉන්ටර්නෙට් ඉමේල් නැත්නම් අඩුම තරමේ පුවත්පතක් හරි, නැති තැනක් හොයා ගන්න නෑ. එහෙව් එකේ මේ බේගල් ප්‍රතිපත්ති අපි හිගා කාල ගෙවන බදුසල්ලි වලින් තැපැල් කරන්න තරම් මේ නිලධාරින්ට උපදෙස් දෙන අය කවුද. මේ මිලියන 4000ම ඉතුරු කරන්න තිබුණ මුදලක්. අපරාදේ අපේ රටේ සල්ලි වැය කරන්නේම වැඩකට නැති මගුල් වලට. අනික තමන් ඡන්දෙ ඉල්ලනව නම් තමන්ගෙ ප්‍රචාරක කටයුතු තමන් කරගන්නවා විනා ඒකත් රටේ ජනතාව කරල දෙන්න ඕනද. අනිත් දේ තමයි මැතිවරණ කොමිසමේ සභාපති කියනවා රාජ්‍ය සේවකයො මැතිවරණ ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ නොවිය යුතුයි ලූ. එතකොට රාජ්‍ය සේවකයන් වන තැපැල් නිලධාරින් ප්‍රතිපත්ති ප්‍රකාශ ගෙන් ගෙට අරන් යාම වැටෙන්නේ මොන ගණයටද. මොනවද මේ විහිලු.

:       0       150

raheem Monday, 28 October 2019 02:44 PM

අම්මප මේ කොමිෂමට පිස්සු මැතිවරණ රැස්වීම් තියන්න රට වටේ යන්න සල්ලි වියදම් කරන්න අපේක්ෂකයන්ට පුලුවන් නම් ඒ මේ පත්‍රිකාව තැපැල් කරන්න කොමිෂම දඟලන්නේ මොනවටද

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 27 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site