(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මහා මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී අද (18) පැවසීය.
මේ මොහොතේදී මහජන මතයට ගරු කරමින් ජනාධිපතිධූරය හා අගමැතිධූරය එකම පක්‍ෂයකට ලබාදීමට කටයුතු කළ යුතු යැයිද ඔහු කීය.
විපක්‍ෂනායකවරයාගේ 74 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැති කිරි අම්මාවරුන් 110 දෙනෙකු සඳහා අද (18) පැවැති දානමය පිංකමින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එම දානමය පිංකමින් පසුව මහා සංඝරත්නය විපක්‍ෂනායකවරයාට පිරිත් සජ්ඡායනා කරමින් ආශීර්වාද කළහ.
එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.
"තවම තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුවෙන් බාගයක් විතර අස්වෙලා. කවුරු වුනත් ජනතා මතයට ගරු කරන්න ඕන. අපිට අවශ්‍ය ජයග්‍රහණය කරන්නයි. මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා.
ජනාධිපතිවර ජයග්‍රහණයත් සමගම මේ වෙලාවේ මහා මැතිවරණයක් පවත්වනවා නම් වඩාත් සුදුසුයැයි මම විශ්වාස කරනවා. කොහොම වුණත් එක්සත් ජාතික පක්‍ෂයත් සමඟ සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති එක පක්‍ෂයකත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තවත් පක්‍ෂයකත් ඉදගෙන කටයුතු කරන්න බැහැ. මේ වෙලාවේදී මහජන මතයට ගරු කළ යුතුයි" යැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස සැපද කියලා තේරුම් ගන්න මහජනයාට කාලයක් ලබා දිය යුතුයි..
පහුගිය වකවානුවේ අපි හොඳට අත්දුටුවනේ මේකේ ප්‍රථිඵලය. එකඟතාවයක් නොතිබුණොත් රට ගොඩගැනීම අමාරු වේවි...!!!
මේ උණුඋණුවේ මැතිවරණයකට ගියොත් තුනෙන් දෙකක බලය ලැබෙනවා අනිවාර්යයි. ඊටපස්සේ ඉතින් කරන්න ඕනෑදේ ඔබතුමාට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මේ ජයග්‍රහණයේ උණුසුම යන්නත් කලින් හිරේ විලංගුවේ වැටිලා ඉන්න කට්ටිය ගැන හොයලා බලන්න ගියොත් හරි, දැනට ඔය ගොඩ ගැහිලා තියෙන සිහිවටන ගැන, අහස්යාත්‍රා ගත්ත ඒවා ගැන, මුහුදේ තිබ්බ නැව්වල තිබුණු ආයුධ ගැන, මුදල් විසුද්ධිකරණය ගැන, අතුරුදහන් කිරීම් ගැන, බලය අවභාවිතා කිරීම් ගැන තියෙන නඩුහබ වාෂ්ප කරන්න එහෙම ගියොත් නම් ඔන්න වැඩේ වරදින එක ෂුවර් මහත්තයෝ... අර පොරොන්දු පත්තරයේ කවුරු හරි කමක් නැහැ ලියල තිබ්බ ආකාරයට "රටේ දැනට තියෙන දැවෙන ප්‍රශ්න" නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගන්න බවක් පෙන්නුම් කරන සීනි බෝල ටිකක් එහාට මෙහාට විසි කරලා දැම්මොත් නම් ඔන්න අර කලින් කිව්ව ඒවාට අත තිබ්බට කවුරුවත් කෙඳිරි ගාන එකක් නැහැ. ඒවා කළා කියලා මහජනතාවට ආරංචි වෙන්න තියෙන අඩුපාඩු වහලා දාන්නත් ක්‍රම හා විධි ඕනෑතරම් තියෙනවනේ. ඔය නඩුහබ වලට නම ගෑවිලා ඉන්න අය හරි, දැන් ඔය පිටරට ඉන්න අය හරි.... ගන්න නම් එපා.
අනෙකුත් සියලුම පක්‍ෂ බයයි.. දැන්ම මහමැතිවරණයකට යන්න. ඊට හේතුව ඔවුන් කැමති නැහැ ශක්තිමත් ආණ්ඩුවක් හැදෙනවට. විශේෂයෙන්ම සුළුජාතික පක්‍ෂ. ඒ නිසා ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දකුණේ ප්‍රතාපවත් සිංහල ඡන්දවලින් උගත්, බුද්ධිමත් අලුත් මොළ ටිකක් පාර්ලිමේන්තුවට යවන්න... අපට ඉදිරිපත් කරන්න කියා නැවත නැවතත් අපේ ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.
බළලා ටික ටික මල්ලෙන් එලියට එනවා වගේ. ඔහොම යන් ඔහොම යන්.
කේජු කෑල්ල ලැබෙනකම් මම බලා සිටිමි
ඉක්මන් මැතිවරණයකට ගිහින් විතරක් මදි දුෂණ චෝදනා තියෙන උදවියට කොච්චර ජනප්‍රිය උනත් නාම යෝජනා නොදිය යුතු එහෙම උනොත් රටට වැඩක් වේවි.
ඔයාලට බැරි සුදුසු අය නැති හින්දා, කවදාවත් හිටියෙත් නැහැ.
ජාති ආලෙන් උපරිමයටම මුසපත් වෙලා අපි ඉන්නේ... 2/3 බලය දෙනවා දෙනවා මයි. තියන්න ඡන්දේ...
3/2 කොහොමත් ලැබෙන්නේ නැහැ.
හදන්න එක පක්ෂෙක ආණ්ඩුවක්. අගමැතියි ජනාධිපතියි එක පක්ෂෙක ඉන්න එක හොඳයි. හොර නම් ගෑවුණු කට්ටිය ඉවත් කරන්න. වැඩක් කරන පිළිවන් දක්ෂ උගත් උදවිය පත් කරන්න. එක කට්ටියක් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා ආණ්ඩුවට පත් වෙලා විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පලි ගන්න. ඒ අයව ගාවගන්න එපා. පසුගිය කාලේ සිදුවුණු මහා පරිමාන අපරාද යට ගසන්න එපා. ඒවාට නිසි දඬුවම් ලබාදෙන්න. සෑම ජන කොටසකටම සාධාරණ අන්දමින් සලකන්න. යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කරන්න. නීතියට නියම තැන දෙන්න. 5 ක් නොවෙයි 20ක් 30ක් පාලනය කරන්න පිල්ලිවන් වේවි.
මේද සැරෙත් මුදල් ඇමති ඔබද. නාමල්ද, බැසිල්ද, විමල්ද. දෙවියන්ගේම පිහිටයි.
ඔබතුමා පිටුපස සිටින අය සතුටු කරන්න පෙර රටේ ජනතාව ගැන සිතන්න. වාහන පර්මිට් එපා. ඩීල් එපා. ගියවර වගේ දැක්කත් නොදැක්කා වගේ ඉන්න එපා. බේදයකින් තොරව සියලු රට වැසියාටම එක සමාන නීතියක් රටට අවශ්‍යයයි. විදේශයන්හි සිටින විදේශ විනිමය උපයා දෙන ශ්‍රමිකයන් ගැන අවධානය දෙන්න. මේ අයට ප්‍රමුඛත්වයක් දීම සාධාරණය. ඉදිරි මැතිවරණ වලට බුද්ධිමතුන් ඉදිරිපත් කළොත් වඩා කාලෝචිත වේ.