(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මැතිවරණයට අදාළ නීති විරෝධීව ප‍්‍රදර්ශනය කරන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මුලස්ථාන පොලිසියට තිදෙනකු හා සෙසු පොලිස් ස්ථාන සඳහා දෙදෙනකු බැගින් මෙම කම්කරුවන් බඳවා ගන්නා බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
නීතිවිරෝධීව ප‍්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සදහා රුපියල් මිලියන 45.8 මුදලක් වෙන්කර ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
නීති විරෝධී ආකාරයට පෝස්ටර් , බැනර්, බැනර් හා වෙනත් සැරසිලි කරන පුද්ගලයක් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවද හෙතෙම කීය.
ජනාධිපතිවරණයේ දී පොලිතින් සැරසිලි සිදුකිරීම තහනම් බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ ප‍්‍රතිපාදන අනුව සහ ජාතික පාරිසරික පනතේ 2017.9.01 දින 2034/37 දරණ ගැසට් නිවේදනයේ ප‍්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
පෝස්ටර් ගහන්න මිලියන 100යි ගලවන්න මිලියන 45යි. ඔය කියන විදිහටම නීතිය ක්‍රියාත්මක වෙයිද රුවන් ගුණසේකර මහත්තයෝ. බලමු බලමු.. අපිත් ඉන්නේ මේ ලංකාවෙනෙ
දැන් මේ සල්ලි මහජනතාවගේ මුදල් නේද? මේකට කරන්න ඕනේ මහජනතාවගේ බඩට නොගහා පොස්ටර් අලවපු කට්ටියගෙන්ම ගලවන්නත් සල්ලි ගන්න එක.අලවපුවා ගලවන්නත් දුප්පත් ජනතාව සල්ලි ගෙවන්න ඕනෙද? අනික මුළු රටම අවලස්සන කරලා.
මේ වියදම අර චන්දෙට වියදම් වෙනවා කියල මැතිවරණ කොමසාරිස් තුමා කියපු ගානට අමතරව වෙන්න ඇති. පටන්ගන්මේදීම පරිසරයත් රටත් වනසගෙන එන මේගොල්ලෝ රට හදයිද? හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිව්වා වගේම රට වනසන්න එන වචීපරම කාරයොත් දෙපැත්තෙන් පේනවා.
මේ කම්කරුවන්ට ගෙවන පඩිය පෝස්ටර්, කටවුට් හා බැනර් ගහපු පක්ෂ වලින් අය කර ගන්නේ නැත්තේ මොකද?
මේකට හොදම විසදුම තමයි අපේක්ෂකයන්ගේ ඇප මුදල ලක්ෂ දහයක් හෝ පලොවක් කරලා ඒ මුදලින් කම්කරුවන් යොදවල අදාළ අපේක්ෂකයන්ගේ පෝස්ටර් ඉවත් කරන එක. එවිට එක එක අපේක්ෂකයාගේ පෝස්ටර් ඉවත් කරන්න වැය වූ මුදල අඩු කර ඉතරි මුදල ඇප මුදල රාජසන්තක නොවෙන අපේක්ෂකයන්ට ආපසු ගෙවන්න පුළුවන් වේවි.
මේවට මහජන මුදල් වෙන් කරන එක හරිම අපරාදයක් අපෙෂකයන්ගෙන් අයකර ගන්න ක්‍රම වේදයක් සකස් කල යුතුය.
විහිළුවක් නේ , පෝස්ටර් අලවන්න තහනම් කරලා ගලවන්න මිනිස්සු දාන එක. පොස්ටර් ඉන්න එකාගෙන් ගලවන්න සල්ලි ගත්ත නම් හරි නේ.