IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජනපතිවරණය ජයගන්න කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකු සංචිතයට කැදවා ඒ වෙනුවට නව දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකු පත්කිරිමේ උත්සාහයක ආණ්ඩුව නිරතවන බවත් ඔහු  සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීය.

‘‘දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකුට දූෂණ චෝදනා ඇවිත් ඒ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන බවට පසුගියදා පුවත්පත් වාර්තා පළවුණා. එම දිස්ත‍්‍රික් ලේකම්වරුන් සංචිතයට  කැඳවීමට තීරණය කර ඇති බවත් වාර්තා පළ වුණා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්වත්  වෙන කොහෙන්වත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 කට හෝ ඊට අඩු  ගණනකට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් හෝ  විමර්ශනයක් සිදුනොවන බව අපි මේ පිළිබඳ කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

ඒකෙන්ම පැහැදිලි වෙනවා මේක මේ කෘතිමව සිදුකරන චෝදනාවක් කියලා. තමන්ට  ඕන විදියට හසුරවන්න බෑ කියලා පේන දිස්ත‍්‍රික් ලේක්ම්වරු  16 ක් සංචිතයට දාලා තමන්ට නටවන්න පුළුවන් දිස්ත‍්‍රික් ලේක්ම්වරු 16ක් ඒ වෙනුවට පුටුවේ වාඩි කරවගන්නයි මේ අය සූදානම් වන්නේ

ඉදිරි ජනාධිපතිවරණයේදී  තමන්ගේ කුමන්ත‍්‍රණකාරී මෙහෙයුම සාර්ථක  කරගැනිම සඳහා මෙම උත්සාහය ක‍්‍රියාත්මකයි. තමන්ට  ඕන විදියේ කඩයින් 16ක් වාඩි කරගත්තහම ඡන්ද මංකොල්ලයක් කන්න වුනත් පුළුවන්.

තව නොබෝ දිනකින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට  නියමිතයි. එහෙම වෙලාවක මේ දිස්ත‍්‍රික් ලේක්ම්වරු තමන්ට  ඕන විදියට වෙනස් කරලා හීලෑ කරගත්ත පුද්ගලයන්  දිස්ත‍්‍රික් ලේකම්වරු   ලෙස පත් කරගන්න ආණ්ඩුව  දරන මේ ප‍්‍රයත්නය අපි පිළිකුලින් යුතුව හෙළා දකිනවා. ඒ වගේම මෙයට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.

පසුගිය ජූලි මස 30 වනදා කොළඹ  ප‍්‍රසිද්ධ  හෝටලයක ඇමෙරිකානු ජාතිකයන් පස් හය දෙනෙක් එනවා. ඔවුන් අත තිබූ ගමන් මලූ ස්කෑන් පරීක්ෂණයට ලක් කරන්න අවස්ථාව දුන්නේ නැහැ. ඔවුන් ලංකාවට ඇවිත් තියෙන්නේ  පෞද්ගලික ගුවන් යානයකින්. පසුව තානාපති කාර්යාලයේ වාහනයකින් අර පරීක්ෂා කිරීමට නොහැකි වූ ගමන් මලූ රැගෙන ගොස් තිබුණා.

මේ පිරිස ගමන් මලූ මෙහි තබා දින දෙකකට පසුව මාලදිවයින වෙත ගොස් ඇති බවත් වාර්තා වුණා. අද මේ රට  ඕන ඇමෙරිකානුවෙක් ඇවිත්  ඕනෑම දෙයක් කරලා  යන්න පුළුවන් විදියේ අතඇරලා ගියපු රටක් බවට පත්වෙලා තියෙනවා.

මෙයට පෙරත් මෙවැනිම පිරිස් විටින් විට පැමිණිලා ඇති බවට අපිට වාර්තා වනවා. රටේ ජාතික ආරක්ෂාවට මේක බරපතල ප‍්‍රශ්නයක්. මේ ගැන අදාළ බලධාරින්ගේ අවධානය යොමුවෙයි  කියා අපි විශ්වාස කරනවා.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී ජයන්ත සමරවීර,  දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.

ඡායාරූපය - ශාන්ත රත්නායක 



අදහස් (6)

ජනපතිවරණය ජයගන්න කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්

vidaya Wednesday, 04 September 2019 07:45 PM

අපේ ගමේ ඉස්සර සුටිං කියලා හාදයෙක් හිටියා. මිනිහා බෝක්කු කට උඩ ඉඳගෙන කියන්නෙත් ඔය වගේ කතා... මිනිහත් වීරවංස වගේ වැඩිය ඉස්කෝලේ ගිහින් නෑ. දිස්ත්‍රික් ලේකම්ලා කියන්නේ පරිපාලනය පිළිබඳව උගත් පිරිසක්... ඒවා උගත් අය විසඳ ගනී.

:       19       5

SIRISENA Thursday, 05 September 2019 08:51 AM

මෙයා නම් නිසැකවම රෝගියෙක් වගේ පෙනෙන්නේ? සැකය හා භය මවන්නෙක්.

:       18       5

Chathuri Thursday, 05 September 2019 12:28 PM

මහින්දලාගේ කාලෙ ඉන්නකොටත් කොපමණ දූෂිත වැඩ වුණාද? ඡන්දය ලන්වෙනකොට, මුදලට ඇමතිලා අරගත්තා, සිල්රෙදි බෙදුවා, රැකියා දෙනවා, වෙනත් පක්ෂ නායකයින් මේ විදියටම බෙරිහන් දුන්නා. ඕවා වැරදි කියලා නමුත් අැහැව්වේ නැහැ.. ස්කෑන් යන්ත්‍රයට ගමන්මල්ලු පරීක්ෂා කරන්න. ඉඩ දෙන්නේ නැත්තේ මේ ආණ්ඩුව විතරද?

:       20       6

Chanak los angelesSaturday, 07 September 2019 03:01 AM

නෑ චතුරි .. ඔවුන්ගේ කාලේ රටේ තිබුනේ කේතුමතී පාලනයක් .. සාටක ජනතාවට සැලකුවේ කලේ සංඛ සලකනවා වගෙයි .

:       9       5

H S Deen Monday, 09 September 2019 08:02 AM

දැන්ම පරාජය පිළිගෙන වගේ... ! මේ යකාට ඇමෙරිකානු භීතිකාව..!

:       1       3

lalithm Thursday, 12 September 2019 11:13 AM

ඇමෙරිකානුවා දිනුවොත් එහෙම මේ වගේ අයව පන්නනවා නියතයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30577 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12569 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 797 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site