(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා හෙට(07) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී නාමයෝජනා බාරගැනේ.
මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින්ට හෙට පෙරවරු 9.00 සිට 11.00 දක්වා නාමයෝජනා පත්‍ර බාරදිය හැකිය. එලෙස බාරදෙන නාමයෝජනා වෙනුවෙන් පෙරවරු 9.00 සිට 11.30 දක්වා කාලසීමාව තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි යැයිද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව අදාළ තාක්ෂණික කරුණු සලකා බලා විරෝධතාද සැලකිල්ලට ගෙන එම නාමයෝජනා පත්‍ර පිළිගන්නා බවද කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැදුණු හෙන හත...
පම්පෝරි හා ප්‍රතිපත්ති අතර වෙනස මහජනතාව දැනගත යුතුයි. දෙවනුව ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ අත්දැකීම් හා නිපුනතාව අවබෝඩකර ගත යුතුයි. තෙවනුව ඒඅනුව බුද්ධිමත්ව චන්දය පාවිච්චි කල යුතුයි
කවුරු මොනවා කිව්වත් හෙට සිට නොවැම්බර් 17 දක්වා මැකෝ තමයි අපේ ජාතික වීරයා. හෙට ඇමෙරිකානු පුරවැසියකුත් ඡන්දය වෙනුවෙන් නාම යෝජනා බාරදෙන්න යන බව ආරංචියක් පැතිර යනවා.. අපේ ජාතික වීරයා මොනවා කරයිද බලමු...
ඝෝටට තමයි ප්‍රශ්නය වෙන්නේ ..