( අංජුල මහික වීරරත්න ) 


ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම  අරඹා ඇති බව එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා  අද (28) පැවසීය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පිටින්  දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම,   මෙම දෝෂාභියෝගය අත්සන් කිරීමට මුලික හේතුව බවද  මන්ත්‍රීවරයා කීය.


කොළඹ අරලියගහ මැඳුරේ දී අද  පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන්  කළේය.