
තමන් තලේබාන් පාලනය පිළිගන්නා බව ඇෆ්ගනිස්තානයේ ධුරයෙන් පහ කළ ජනාධිපති අෂ්රෆ් ඝානීගේ සොහොයුරා වන හෂ්මත් ඝානී පවසා තිබේ.
කෙසේ නමුත් තලේබාන් සංවිධානය සියලු පාර්ශවවලින් සමන්විත ආණ්ඩුවක් පිහිට විය යුතු යැයි ද හෙතෙම කීය. බටහිර කාබුල් නුවර පිහිටි සිය නිවසේ සිට අල්ජසීරා පුවත් සේවය ට අදහස් දක්වමින් හෙතෙම සෙනසුරාදා ඒ බව පැවැසීය.
ඇෆ්ගනිස්තානයේ ජනතාව වෙනුවෙන් කාබුල් නුවර කටයුතුවලට නව පිළිවෙළක් අවශ්‍ය බව ද හෙතෙම කීවේ ය. ඇමෙරිකානු ඇතුළු බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.
හෂ්මත් ඝානී ව්‍යාපාරියකු මෙන්ම ඇෆ්ගනිස්තානයේ කෝචි ජනගහනයේ ප්‍රධානියා ද වේ. හෙතෙම පසුගිය දින කිහිපයේ දී තලේබාන් නායකයන් හමු වූ බව ද වාර්තා විය. ඇෆ්ගනිස්තානයේ සිදු වූ බල හුවමාරුව පිළිගැනීමට හෙතෙම එකඟ වී ඇතැයි වාර්තා වන අතර එය ඇෆ්ගනිස්තානයේ සිටින බලවත් දේශපාලන, සංස්කෘතික සහ ව්‍යාපාරික පුද්ගලයන්ට කරන ලද සංඥාවක් යැයි ද පැවසේ.
ඇෆ්ගනිස්තානයේ පාසල්, රෝහල්, කඩසාප්පු, ව්‍යාපාරික ස්ථාන, විශ්ව විද්‍යාල, අනෙකුත් ව්‍යාපාර හා ව්‍යවසායවල මිලියන ගණන් මුදල් ආයෝජනය කර ඇති ව්‍යාපාරික ප්‍රජාව ද රටින් පිටව යෑමට උත්සාහ කරන අනෙක් දස දහස් ගණනට එක් වුවහොත් රටේ ආර්ථිකය දරුණු ව්‍යවසනයකට මුහුණ දෙනු ඇතැයි ද රටේ අනාගතය සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වනු ඇතැයි හෙතෙම කීය. හෂ්මත් ඝානීගේ සහෝදරය වන හිටපු ජනාධිපති අෂ්රෆ් ඝානී අගෝස්තු 15 වැනිදා ඇෆ්ගනිස්තානයෙන් පලා ගියේ ය.සිය සොහොයුරා රටින් පිටව ගිය ද තමන්ට රටින් පිටව යෑමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීය.
“මට රටින් පැනලා යනවා නම් මගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ. මගේ ගෝත්‍රයට මොකද වෙන්නේ. මගේ අක්මුල් තියෙන්නේ මෙහේ. මගේ රටේ ජනතාවට මා අවශ්‍යම මොහොතේ මා ඔවුන් දමා රටෙන් ගියොත් මම දෙන්නේ මොනවගේ පණිවුඩයක් ද” යැයි හෙතෙම කීවේය. සිය සොහොයුරා රටින් හොර රහසේ යෑම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හෂ්මත්, සිය දිවි බේරාගනිමින් ඔහු එලෙස රටින් පිටව යෑම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද කීය.
“ඔහු ඝාතනයට ලක්වුණා නම්, මරණයට පත්වුණා නම් මේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙන්න තිබ්බා” යැයි ද ඔහු කීය.
හෂ්මත් ඝානීගේ නිවසේ තිබෙන චිත්‍ර, කලා කෘති සහ විශාල ප්‍රමාණයේ රූපවාහිනි කිසිදු හානියකින් තොරව එහි තිබෙන අයුරු ද දක්නට ලැබිණි.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය පාලනය කළ 1996 සිට 2001 වසර දක්වා කාලයේ දී රට තුළ රූපවාහිනි සහ චිත්‍ර, ඡායාරූප, පින්තූර ඇතුළු ඕනෑම ආකාරයක කලා කෘති සහ කලාව තහනම් කර තිබිණි.
තලේබාන් සංවිධානය 2001 වසරේ දී මධ්‍යම ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ පිහිට ඉපැරැණි බුද්ධ ප්‍රතිමාවක් විනාශ කළ අතර එය දැක්වෙන පින්තාරුවක් ද ඝානිගේ පින්තාරු අතර තිබේ.
ඇෆ්ගනිස්තාන සමාජය තුළ තිබෙන බෙදීම් නවතා සමඟිය සහ සහයෝගීතාව ඇති කළ යුතු බවත් ඒ තුළින් තලේබාන් සංවිධානයට නූතන වෙනස්කම්, පහසුකම් සහ තාක්ෂණික දියුණුව පිළිගැනීමට සිදු වනු ඇතැයි ද හෙතෙම කීය.
ඇෆ්ගනිස්තානයේ තරුණ ප්‍රජාවට සහ තලේබාන් සංවිධානයේ විරුද්ධවාදීන් ද සංවිධානය සමඟ කටයුතු කළ යුතු බව ද හෙතෙම කීය. ඒ තුළින් තලේබාන් සංවිධානයට නූතනත්වය පිළිගැනීමේ මාවතට ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද කීවේය.
ඇෆ්ගනිස්තානයේ තරුණ ප්‍රජාව පසුගිය සතිය වනතෙක් තලේබාන් සංවිධානය මෙතරම් සමීපව අත්දැක නැත.
“ඔබ එක විදියක මිනිස්සු කොට්ඨාශයක් දැකලා නැති වුණාම, සමීපව සම්බන්ධවෙලා නැති වුණාම, ඔවුන්ගේ පෙනුම බියජනක වෙන්න පුළුවන්. නැතිනම් ඔබ රැවටීමට ලක් කරන්න පුළුවන්” යැයි ඝානී පැවැසීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 21
285
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1248
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජනපතිගේ සොයුරා තලේබාන් පාලනය පිළිගනී