(තරිඳු ජයවර්ධන සහ තිලිණි ද සිලිවා)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය එම නියෝගය කළේය.
අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.
පෙත්සම් විභාගය දෙසැම්බර් 04,05 සහ 06 පැවැත්වීමට ද නියෝග කෙරිණි.
ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා
නඩු තීන්දුවෙන් පසු






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන රටේ, ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා නම් ඒ අධිකරණය විතරයි...
නියමයි. අපි තාමත් අධිකරණය විශ්වාස කරනවා..
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ආචාරය...!
ඔන්න වැඩේ පටන්ගන්න හොඳම වෙලාව...
හදපත්ලෙන්ම හෘදයාංගම ස්තුතිය පුදකරමි.
මහමැතිවරණය තියන්නේ ජනවාරි 5නේ... දෙසැම්බර් 18 වැනිදා මහමැතිවරණයක් නැහැනේ...
දැන් මොකද වෙන්නේ පාර්ලිමේන්තුවකුත් නැහැ... ඡන්දයකුත් නැහැ. රටම අරාජික වුණා වගේ.. තීන්දුව දෙන්නත් මාසයක් තියෙනවා. එ් කියන්නේ රට දේශපාලන වශයෙන් අස්ථාවරයි. රටට ඉතා බින්දුවම තමයි. හැමෝටම රට ගැන හැගීම් නැහැ. අාදරයක් නැහැ. පුළුවන් නම් එ්කත් විකුණලා දාවි...
තාවකාලිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කර ඇත.
ජනාධිපති මෛත්‍රි හන්දා හොඳට ගියා. මහින්ද මහත්තයා ජනාධිපති වුණානම් එහෙම...
දැන් ජනපතිට පක්ෂයක් නෑ.. ඒක නිසා මුලින්ම එතුමා ඉල්ලා අස් වෙලා ජනාධිපතිවරණයක් තියන්න ඕනෑ. බලේ රැකගන්න එහාටයි, මෙහාටයි සෙල්ලම් කරකර මුළු රටම අනතුරේ දාලා තියෙන්නේ මේ වෙලාවේ... සුදුස්සෙක් ජනපති වුණාට පස්සේ පුළුවන් මහා මැතිවරණෙකින් ආණ්ඩුවක් පත් කර ගන්න.
ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා... ඉදිරියටම යමු.. ජයවේවා !!!
ජනපතිගේ උපදේශකවරු එතුමා නොමග යවලා වගේ...
තවම ස්වාධීන අධිකරණයක් තිබීම ගැන සතුටුයි. ජනාධිපති සරත් සිල්වාගේ දිරච්ච ලණුවලට රැවටුණු බව මුළු ලංකාවම දන්නවා.
ප්‍රශ්නේ එන්න එන්න දරුණු වෙනවා. රටක් ඉතුරු වෙයිද මන්දා ප්‍රශ්නේ විසඳෙන කොට...
දිනපතා නඩු අහන මේ රටේ ඇයි මේ කාරණාව දින 35ක් කල්දැම්මේ?
ගරු ජනාධිපතිතුමා තම ක්‍රියාකලාපය නැවත විමර්ශනය කොට, සුපුරුදු ගරුත්වය නැවත ගොඩනගා ගන්නේ නම් එය ඉතා බුද්ධිමත් ක්‍රියාවක් වනු ඇත.
එකම බලාපොරුත්තුව රටටත්, ජනතාවටත් සාධාරණය ඉටුවිය යුතුයි. විටින් විට ඡන්ද තියන්න රටේ ආර්ථික ඔරොත්තු දෙන්නේ නැහැ. මෙතකල් ඡන්ද තියන්නෙත්, ව්‍යවස්තා සංශෝධන කලෙත් රටේ හෝ ජනතාවගේ යහපතක් සඳහා නොවෙයිනේ. වත්මන් තත්වය ඉතා පැහැදිලියි.
මේ වෙන දේවල් දිහා බුද්ධිමත් ජනතාව සවිඥානිකව බලාගෙනයි ඉන්නේ. ජනතා තීන්දුව සියළු බලාධිකාරීන් ඉක්මවන බව රනිල් දන්නා නිසා සියලුම ශක්තිය යොදා මේ මැතිවරණය නැවත්වීමට ඔහු උත්සාහ දරයි. ජනතා පීඩනය සමනය කිරීම වෙනුවට මොවුන් ඔවුනොවුන්ගේ ඕනා එපාකම් සහ බලයම පමණක් රැකගැනීමට වෙහෙසෙයි.
මීළඟ ගැසට් එක තවම අච්චු ගහලා ඉවර නැද්ද?
අප මේ සත්‍යතාව දැනගෙන මැදිහත්ව නොබියව නීතිගරුක සත්‍ය මතය පවසා සිටියා. නීතිය නොදත් අය ඒවාට උරණ වූ අවස්ථා තිබුණා. නීතිය හා කළගුණ නොදත් ජනපති අපරාදේ මහින්ද මහතාගේ ගෞරවය විනාශ කළා.16 කල්ලිය ඇතුළු මදුරුවාට කඩුවෙන් කොටන පිරිස් දැන් හෝ ඉවත් කොට පිරිසිදු දේශපාලනයකට පැමිණ කටයුතු කිරීමට මහින්ද මහතා අදිටන් කර ගැනීම ඉතා වැදගත්...
14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කල විට මහින්ද ඇතුළුව පොහොට්ටු කට්ටිය පාර්ලිමේන්තු යන්නේ කෙසේද? පොදුජන පෙරමුණ (පොහොට්ටුව)පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂයක් නොවේ ශ්‍රීලනිපයෙන් මොවුන් ඉවත් වී ඇති නිසා ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වනවා නේද?
ඊයේ දිනයේ එසැණ තීරයේ පිනුම් ගහපු අර බක පණ්ඩිත නීති විසාරද ගොඩ පෙරකදෝරුවෝ රංචුව කොහෙද කියලයි මම මේ නිකමට කල්පනා කලේ? අසත්‍යය සමාජගත කිරීමට උත්සහ දැරූ මෝඩ නරුමයින්ට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය...!!
කෝ මේ අදහස් දාන කට්ටිය...?
රට ඉවරයි...
ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා...!
ගැසට්ටුව අත් හිටවපු එකටද මේ සතුටින් දඟලන්නේ...? මේකට හේතුව මේ කට්ටිය හරියටම දන්නේ නැහැ... මොකද වුනේ කියලා. කටකතාවට තමා මේ සතුටු වෙන්නේ... මගේ අදහස නම් ජනාධිපති පත්කරපු අගමැති සහ ඇමැති මණ්ඩලය ගැන කිසිම සඳහනක් මේ තීන්දුවේ නැහැ. මේ පෙත්සම ඉදිරිපත් කෙරුවේ පාර්ලිමේන්තුව විසුරවපු එකට පමණි. කෙසේවෙතත් රටේ ගිනිගැනීම අවසන් වෙන්නේ නැහැ...