(රංජන් කස්තුරි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේදී ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

ජපානයේ ටෝකියෝ නුවරදී මැයි මස 28 සහ 29 යන දිනවල පැවැත්වෙන ‘‘ආසියාවේ අනාගතය‘‘ නැමැති ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිවරයා ඇරයුම් ලැබ සිටින අතර එහිදී ඔහු එම සම්මන්ත්‍රණයේ දේශනයක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අද (17) කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණ ‘‘ආසියාවේ අනාගතය‘‘ සම්මන්ත්‍රණයට සහභාගිවන්නැයි ජනාධිපතිවරයාට නිලවශයෙන් ඇරයුම් කර තිබේ.