IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ක්‍රියාකලාපයෙන් අධිකරණයේ කාලය නාස්ති වුණා

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අනවශ්‍ය ක‍්‍රියාකලාපය හේතුවෙන් අධිකරණයේ කාලය නිරපරාදේ නාස්ති වු බවත් නඩු කටයුතු පවා කල් දැමීමට සිදුවු බවත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විකුම් කළුආරච්චි මහතා අද (12) දැනුම් දුන්නේය.
 
වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ලියාපදිංචි කරන පොත කූට ආකාරයෙන් වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුවට අදාළව පොලිස් නිලධාරීන් විසින් තබන ලද සටහන් අඩංගු පොලිස් උධෘත,දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධ්කරණය අමතමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විකුම් කළුආරච්චි මහතා එසේ පැවසීය.
 
නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් කේ. විරසිංහ මහත්මිය මෙම නඩුවට අදාළව පොලිස් නිලධාරීන් විසින් තබන ලද සටහන් අඩංගු පොලිස් උධෘත අඩංගු පොත් 06ක්ද සමඟ අධිකරණයේ පෙනී සිටියාය.
 

පර්ල් කේ. විරසිංහ මහත්මිය සමඟ එම කොමිසමේ භාෂා පරිවර්ථක නිලධාරියකු වන එස්.ඒ. රෝහණ මහතාද සමඟ අධිකරණයට ඉදිරිපත් වූවාය.
 
නීතීපතිවරයා පවරා ඇති නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගන්නා ලදී.
 
2014 ජුලි මසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව, සොරකම් කළ අලි බව දැන වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ළඟ තබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
 
අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. පි‍්‍රයංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් අටදෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම ස`දහා මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණය අමතමින් තම සේවාදායිකාව අධිකරණයට පොරොන්දු වු පරිදි පසුගිය පෙබරවාරි 22 වැනිදා කොමිසම බාරයට ගෙන තිබු මෙම නඩුවට අදාළව පොලිස් නිලධාරීන් විසින් තබන ලද සටහන් අඩංගු පොලිස් උධෘත අඩංගු පොත් 06ක් රැගෙනවිත් ඇතැයි කීය.
 
රහස් පොලිස් නිලධාරීන්ගෙන් බාරගත් අයුරින්ම මුදා සහිතව අදාළ පොලිස් උධෘත අඩංගු පොත් 06 ඇතැයිද දැනුම් දුන් නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා මෙම පොලිස් උධෘත අඩංගු පොත් 06 කොමිසම බාරයට ගැනීමට හේතූ වු පැමිණිල්ල ලබන 20 වැනිදා විභාගයට ගැනීමට ඇති හෙයින් පොලිස් උධෘත අඩංගු පොත් 06 කොමිසමේ පරිශිලනය ස`දහා යොමු කිරීමට පියවරක් ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.
 
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම ලේඛණ අධිකරණයට ගෙන්වා ගත්තේ බොහෝ අපහසුවෙන් යැයිද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්ගේ අනවශ්‍ය ක‍්‍රියාකලාපය හේතූවෙන් අධිකරණයේ කාලය නිරපරාදේ නාස්ති වු බවත් නඩු කටයුතු පවා කල් දැමීමට සිදුවු බවත් පැවසීය.
 
කෙසේ නමුත් ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් මුදා සහිතව බාරදුන් අදාළ ලේඛණ අඩංගු ගොනු ඒ අයුරින්ම අධිකරණ ලේඛාධිකාරීවරයාට බාර දෙන්නැයිද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු සිදුකරන බව කියන ලබන 20 වැනිදා රහස් පොලිසියේ සැරයන් විජේසිංහ මහතා මාර්ගයෙන් එම ගොනු කොමිසමට ගෙන්වා ගන්නා ලෙසද නියම කළ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා තෙක් කල් තබන ලදී.



අදහස් (5)

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ක්‍රියාකලාපයෙන් අධිකරණයේ කාලය නාස්ති වුණා

සෙනෙවිරත්න Thursday, 12 March 2020 01:02 PM

නැහැ.. එහෙම වෙන්න බැහැ. 69 ලක්ෂයට වරදින්න බැහැ...

:       0       1

Cisco Thursday, 12 March 2020 01:05 PM

ඇත්තද?

:       0       0

Samitha Senaka aluthgamage. Thursday, 12 March 2020 01:24 PM

සත්‍ය වශයෙන්ම ජනාධිපති කොමිසම යනු රටේ සල්ලි කන පක්ෂග්‍රාහී වැඩක්. අධිකරණයේ ක්‍රියාව අධිකරණයට කිරීමට ඉඩදී මේ අපබ්‍රංශ කොමිසම් දැමීම වහාම නවත්වා දැමිය යුතුයි.

:       0       67

almeida Thursday, 12 March 2020 01:54 PM

ඉතින් අධිකරණයට අපහාස කළා කියලා ඔවුන්ට දඬුවම් දෙන්නේ නැත්ද? නැති බැරි මිනිහට එකක් ඇති හැකි මිනිහට තවත් නීතියක්...

:       0       1

Kumar Thursday, 12 March 2020 04:03 PM

ලංකාවේ හාල් මැස්සන්ට දඬුවම් කරන්නේ... තෝරු මෝරු බේරෙනවා. ජනධිපතිතුමා ආරක්ෂක ලේකම් කාලේ එතුමාගේ නිවසේත් අලි පැටියෙක් සිටියා. සැමදාම එතුමාගේ නෝනා පලතුරු වට්ටියක් අලි පැටියාට කවනවලු... ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31247 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13423 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site