IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ජනාධිපති නීතීඥ වසන්ත බණ්ඩාර කොමිසම හමුවේ සමාව ගනී

( දසුන් රාජපක්ෂ ) 
 
හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ  සමාව ගැනීමෙන් පසු කොමිසමේ  අද (13) කටයුතු සාමාන්‍ය පරිදි  ආරම්භ කෙරිණි.
 
ජනාධිපති කොමිසම තුළ කළහකාරී ලෙස හැසිරෙමින්  සාක්ෂිකරුවන්ට පහත් වචනයෙන් කතා කිරීම, සහ පැමිණිල්ලේ නීතීඥවරයාට තර්ජනය කිරීම හේතුවෙන්   නවරත්න බණ්ඩාර මහතා  පොලිස් බාරයට පත් කර අත්අඩංගුවට ගැනීමට සිදු වන බව ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවධාරණය කිරීමෙන් පසු  එලෙස සමාව ගැනීමට ඔහු  කටයුතු කළේය.

 අවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පැමිණිල්ල ( 13) ජනාධිපති කොමිසම හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී  සාක්ෂි ලබා දුන් හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත්  මහතාට පහත් වචනයෙන් කතා කළ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඊට එරෙහි වූ ජනාධිපති නීතීඥ  කුමේර ද සොයිසා මහතාටද තර්ජනය කළේය.
 එම අවස්ථාවේදී ජනාධිපති කොමිසම තුළ දැඩි කළබළයක් ඇති වූ අතර එය සමතයකට  පත් කිරීම සඳහා අවස්ථා කිහිපයකදී  කොමිසමේ සභාපතිවරයා උත්සාහ කළද  පැවති තත්ත්වය හමුවේ සභාපතිවරයාට කොමිසමේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා විය.
 
 ඉන්පසු සන්සුන් ලෙස  හැසිරෙන ලෙස වසන්ත නවරත්න බණ්ඩාර මහතාට නියම කළ කොමිසමේ සභාපතිවරයා එසේ නොවන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීමට සිදු වන බව කියා සිටියේය.



අදහස් (8)

ජනාධිපති නීතීඥ වසන්ත බණ්ඩාර කොමිසම හමුවේ සමාව ගනී

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 August 2020 02:43 PM

දේශපාලනඥයෙකු විසින් පත්කරන ලද මෙවන් කොමිසමකට නායකත්වය දෙන විශ්‍රාමලත් විනිසුරුවරයෙකුට අධිකරණ කොමිෂන් සභාවේ නිසි අවසරයකින් තොරව කෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකිදැයි කිසියම් සැකයක් මතුවෙනවා නේද?

:       654       1020

RamaniThursday, 13 August 2020 03:25 PM

යහපාලන ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවෙක් වුණු වසන්ත බණ්ඩාර, ඔහුගේ කෙරුවාවන් එළියට එනවිට කළ දේ හරිද?

:       910       463

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 13 August 2020 04:18 PM

යහපාලන හරි වැරද්දක් අපට අවශ්‍ය නැහැ. නීතිමය වැඩකදී හරි වැරැද්ද තීරණය කරන්න ඔබ කව්ද? මා කව්ද? මා විමසුවේ එහෙම පුළුවන්ද කියායි. අත් අඩංගුවට ගන්න නම් පිළිගත් අධිකරණයක බලය ලත් විනිසුරුවෙකු විය යුතුයි මට සිතෙනා විධියට. මා විමසුවේ එයයි.

:       0       106

සමිත සේනක අලුත්ගමගේ.Friday, 14 August 2020 01:51 AM

මා කතාකළේ පක්ෂ දේශපාලනයක් නොව නීතියයි. නීතිය පිළිබඳ දැනීමක් නොමැති ඔබ එයට, ඔබ ගැති දේශපාලනේ පිහිටා වැඩකට නැති අදහසක් ඉදිරිපත් කොට ඇත. අදාළ පුවතට වෙනම ඔබගේ අදහස ලිව්වා නම්, රටේ නීතියට වඩා දේශපාලනය ඉහළින් තිබිය යුතුයි සිතනා ඔබ වැන්නන් එයට හුරේ දමනු ඇත. එහෙත්, මොන පක්ෂයේ සිටියත්, මා ලියූ දේ අගයන බුද්ධිමතුන් සිටින බව ඔබ අමතක නොකළ යුතුය. මා මෙයට මෙසේ ලිව්වත්, අගමැති ජනපති සොයුරු පෙම ගැන මා ලියූ කවිය අගමැති දිව්රුම් දුන් පුවතේ ඇත. එය කියවා බලන්න. මධ්‍යස්ථව ලිවීම ගැන ඔබට එයින් හා මෙයින් යමක් ඉගෙනගත හැක.

:       0       60

athulaFriday, 14 August 2020 05:14 AM

රටේ නීතිය පහතටම දාපු ආණ්ඩුවක්... නවරත්න තමයි අැවන්ට් ගාර්ඩ් කියන මහා මංකොල්ය රටේ නීතිය උල්ලංඝනය කළ බව පැහැදිලිවම කිව්වේ... මේ ප්‍රශ්නය මෙම කොමිසම හමුවට ගේන්නවත් බැහැ.. නියම විදිහට ගිනිඅවි අාඥා පනතට අනුව මෙම අපරාධයට සියළුම අය අද ඉන්න ඕනෑ අධිචෝදනා යටතේ හිරේ... ගමක මිනිහෙක් බඳින තුවක්කුවක් එක්ක අහු වුණත් අැපත් නැහැ.. මේ අයට කොහෙන්ද ස්වයංක්‍රීය ගිනිඅවි එක්ක හමුදාවක්...?

:       0       1

BamunuarachchiFriday, 14 August 2020 09:34 AM

දේශපාලකයෝ තමයි කොමිසම් පත්කරන්නේ, පනත් ගෙනෙන්නේ, පනත් සම්මත කරන්නේ.... අත් අඩංගුවට ගන්න කීවිට ජනාධිපති නීතීඥයෙක් සමාව ගත්තේ අත්අඩංගුවට ගන්න පුළුවන් නිසා කියලා තේරුම් ගත්තොත්... ඔච්චර හිතන්න දෙයක් නැහැ. නියම විදිහට හිතුවොත් වැඩේ සිම්පල්.. බැරිනම් ජනාධිපති නීතීඥයට තිබුණානේ කියන්න... පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා. නේද?

:       1       0

සපුමල්.(SAPUMAL.)Friday, 14 August 2020 01:50 PM

ඔන්න එහෙනම් බමුණු මහතාගේ නීතියට අනුව දේශපාලකයන්ට කියලා කොමිසම් පත්කරලා උසාවි අහෝසි කරලා විනිසුරුවන් ගෙදර යවලා දේශපාලනඥයින්ටම කියලා නඩු අහමුකෝ... එතකොට තමයි රටේ නීතිය නියමෙට තියෙන්නේ. තමන් නොදන්නා නීතිය කියන්න යන්නේ නැතුව කටපියාගෙන හිටියා නං ඉවරයිනේ... බමුණු මහත්තයලා කොහොමත් කැමති කැලේ නීතිය රජ වෙනවටනේ... මොන හේතුවක් හෝ නිසා නීතිඥයා නොකියන්න ඇති. ඒ වුණාට ඒක විතරක් උදාහරණයට ගන්නේ බමුණු මහතා නීතිය හරිහැටි නොදන්න නිසා. එහෙනම් අනුර කුමාර අධිකරණයට ගිහිල්ලා තමන්ට සිතාසි නිකුත් කරන්නට කොමිසමට බැරි බව කිව්වේ. අනුර කුමාර වගේ නෙමෙයි සමහර නීතිඥයන්.

:       0       28

BamunuarachchiSaturday, 15 August 2020 01:23 PM

ඔබ කියන විදිහට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීතිය දන්නෙත් නැහැ.. ජනාධිපති නීතීඥ නීතිය දන්නෙත් නැහැ. අනුර කුමාරයි, ඔබයි නීතිය දන්නේ එහෙමද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site