IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)

කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19)  නියෝග කළේය.

මෙසේ නිදහස් කරනු ලැබුවේ චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලැබ සිටිති.

2006 වසරේ ජුලි පළමු වැනි දින සහ දෙසැම්බර් අතර කාලයේදී  එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදයි විත්තිකරුවන් පහක් චෝදනා ලැබ ඇත.

නිදහස ලැබූ  විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කේ.වී තවරාසා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විත්තිකරුට  එරෙහිව  අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළ පාපොච්චාරණය හැර කිසිඳු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව නිදොස් කර නිදහස් කරන ලෙසය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර  චන්ද්‍ර බෝස්  සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තා නිදහස් කිරීමට නියම කළේය.



අදහස් (2)

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

Bamunuarachchi Thursday, 19 December 2019 04:17 PM

මෙයින් ඔප්පුවෙනවා ගෝඨාභය මහතා ගරු අධිකරණයට අත පොවන්නේ නැතිබව. අධිකරණය නිදහස් කරනවානම් එය අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණයට අනුව ක්‍රියාකරනවානම් එයට විරුද්ධව පිරිත් කීමත් ගොබ්බ වැඩක් ලෙස මම දකිමි.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 December 2019 04:21 PM

හ්ම්.... අපි හිතුවා මෙයා නිදහස් වෙයි කියලා. ළඟදීම රැකියාවක් සහ දියුණුවෙන්න මුදලකුත් ලැබෙයි. මේ බෝම්බ ප්‍රහාරය ගැන නොයෙක් විදිහේ කතා ඇසෙනවා නේද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13507 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site