IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ජනාධිපති ආරක්ෂක අංශයේ රථගාලේ ගින්න ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)
 
කොටුව පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ බැරැක්කයට අයත්, පොද්ගලික රථගාලේ සිදු වූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
 
මෙම  ගින්න ඊයේ රාත්‍රියේ 10.00ට පමණ සිදුව ඇති අතර කොළඹ ගිනි නිවන හමුදාවේ ගිනි රථ 4ක් සමඟ ගිනි නිවන භටයින් 20දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පැයකට ආසන්න කාලයක් තුළදී මෙම ගින්න නිවා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
 
රජයේ රස පරීක්ෂකවරයාද අද පෙරවරුවේ මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආකරම්භ කර තිබුණි.
 
සිද්ධියෙන් යතුරු පැදි 47කට හා ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදුව ඇති අතර ඉන් යතුරුපැදි 5ක් පොලිස් යතුරුපැදි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.



අදහස් (3)

ජනාධිපති ආරක්ෂක අංශයේ රථගාලේ ගින්න ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ

Sarath R Monday, 11 November 2019 01:27 PM

සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව ගැන කියනු කවරේද?

:       0       2

රවින් Monday, 11 November 2019 02:08 PM

ඉස්සෙල්ලා එක්කෙනා ඉන්දැද්දී රෝද හතරේ වාහන නැති වුණා කියලා කිව්වා නේද? දැන් යන්න හදනකොට දෙකේ ඒවා? හතරේ ඒවා? විශ්‍රාමික වැටුප්? " මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු.."

:       32       2

sirimal Monday, 11 November 2019 03:22 PM

හරි නම් පරීක්ෂණ කරන්න ඕනෑ "මෙච්චර කාලයක් ගත්තේ මොකද" කියලා නෙවෙයිද?

:       14       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site