IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ජනාධිපති අපේක්ෂකයා නම්කරන්න එජාපයට කිසි කලබලයක් නැහැ’

(කාංචන කුමාර ආරියදාස)
 
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට කිසිදු කලබලයක් නොමැති බව කෘෂිකර්ම  අමාත්‍ය පී. හැරිසන් මහතා අද(24)  සීගිරියේ පැවති මාධ්‍ය හමුවකදී  පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් අපේක්ෂකත්වය නම් කළ පසු සහ ජනාධිපතිවරයා එය ගැසට් කිරීමෙන් පසු සිය පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව දැනුවත් කරන බවද, අපේක්ෂකයන් සඟවා තබා ගැනීමෙන් එහි වටිනාකම වැඩිවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.  
 
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගෙන නොමැතිව තිබියදී විවිධ පුද්ගලයන් අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ නම් ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක  අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තවමත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර නැති බවත් ඔහුගේ අනුගාමිකයන් එම නම  කියවන බවත් හැරිසන් මහතා සඳහන් කළේය.
 
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු අභියෝගයක් නොමැති බවත් මීට වඩා අභියෝග ඇති අවස්ථාවන්හිදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබෙන බත්ව හෙතෙම අවධාරණය කළේය.

19 වන සංශෝධනය වැඩි වශයෙන් උනන්දු වී  අනුමත කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එහි අඩුපාඩුකම් තියෙන බවත් සඳහන් කරන්නේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් තුළ  සලකා බැලිය යුතු බවත් ඕනෑමදෙයක අඩුපාඩුකම් පවතින බවත්,  18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති තත්වයකට විශාල වශයෙන් ගිය බවත් දහනවවැනි සංශෝධනයෙන් එය වඩා සරළව ගෙන ආ නිසා ඇතැම් අයට මෙහි අඩුපාඩුකම් පෙනෙන්නට ඇති බවත් ඒ සඳහා සංශෝධනයක් අවශ්‍ය නම්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එකිනෙකා බලන කෝණය අනුව එහි අඩුපාඩු දර්ශනය වන බවත් ජනාධිපතිතුමා වෙනත් කෝණයකින් බලන්නට ඇති බවත් එනිසා ඒ පිළිබඳව රටේ කතිකාවතක් ඇතිවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (9)

‘ජනාධිපති අපේක්ෂකයා නම්කරන්න එජාපයට කිසි කලබලයක් නැහැ’

jayasekara Monday, 24 June 2019 10:53 AM

අපිටත් කිසිම කලබලයක් නැහැ..මොකද? දන්නවා කව්රු ඉල්ලුවත් අත්වන ඉරණම...

:       0       34

sharm warn Monday, 24 June 2019 11:06 AM

කලබල වුනා කියලා කවුරුවත් පොළොවෙන් මතු වෙන්නේ නැහැනේ. ඉදිරිපත් කරන්න කෙනෙක් නැතිකමට කලබල කරලා හරි මොනවා කරන්නද ඉතින් ..

:       0       32

chandima Monday, 24 June 2019 12:19 PM

ඔව් ඔව් කලබල වෙන්නේ මොකටද? සජිත් තව ටිකක් කොටගොඩ ඇදලා ඉවර වුණාම පුළුවන් නම් කරන්න.

:       0       19

Raveendra Monday, 24 June 2019 01:13 PM

හැරී අයියා දන්නවා එයාටත් යන එන මං නැතිවෙන නිසා " හැරිලම " යන්න වෙන බව... එ් නිසා ඔහොම කියමුකෝ නේද හැරී ගොයියෝ...

:       3       44

Soma dubayi Monday, 24 June 2019 01:52 PM

2040 වනතුරු ගරු රනිල් මැතිතුමාගේ නායකත්වයෙන් රට දියුණු කරමු.

:       86       28

gamarala Monday, 24 June 2019 03:13 PM

කෙනෙක් නැතිව නේද ඉන්නේ? කවුරු ආවත් ප්‍රතිඵලය එකයි. දැන් කුජීත වී අවසන්...

:       0       32

Anu Tuesday, 25 June 2019 03:22 AM

හා නම්කරත් වැඩක් නැහැ නේද?

:       0       0

Bamunuarachchi Tuesday, 25 June 2019 10:06 AM

අපිට දැනගන්න කලබලයකුත් නැත

:       0       0

BamunuarachchiWednesday, 26 June 2019 02:18 AM

මොකද අපි චන්දෙ දෙනවායැ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site