සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කරයි
(කේ.ඩී දේවප්‍රිය)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම කුඩා ගම්මාන 06 අභයපුර ප්‍රාථමික විද්‍යාලයේ දී අද (16) සිය ඡන්දය භාවිත කළේය.


ගෝඨාභය රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩ පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරු.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අනුර කුමාර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත සයිකෝජි පෙර පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරු.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



දුමින්ද නාගමුව ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(කේ.බුද්ධික කුමාරසිරි)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා හොරණ ඔලබොඩුව වීර මද්දුම බණ්ඩාර ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්තානයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඡන්දය ප්‍රකාශ කරයි
(ටී.එල් ජව්ෆර්කාන්)
ජනාධිපති අපේක්ෂක එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා කාත්තාන්කුඩි මිල්ලත් බාලිකා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ඡන්දය ප්‍රකාශ කරයි
(එස්. ඒ. වයි. ද සිල්වා)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අරුණ ද සොයිසා මහතා කොස්ගොඩ ගණේගොඩැල්ල රජ මහා විහාරස්ථානයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියෝ ඡන්දය ප්‍රකාශ කරති
(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියෝ අද (16) මීරිගම පමුනුවත්ත හේනේපොල විද්‍යාලෝක විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කරනු ලැබූහ.

COMMENTS
කෝ අපේ ගෝඨාභය උන්නැහේ? ආ මට අමතක වුණා. ඇමෙරිකන් පුරවැසියන්ට ලංකාවේ ඡන්දෙ නෑනේ...
තමුන්ගේ ඡන්දෙවත් බිරිඳගේ, දරුවන්ගේ ඡන්දෙවත් දාගන්න බැරි ඇමෙරිකන් පුරවැසියන්ට එයාලගේ ලාංකික පුරවැසි, හරකබාන පෝලිමේ ගිහින් ඡන්දෙ දානවලු..
සජිත් මැතිඳුනි, ඔබට ජය නියතයි... දුප්පත් අපි වෙනුවෙන් ස්වභාවධර්මය විසින් අපේ දෑතෙන් ජය ගෙනෙනු ඇත..
මරු අපේක්‍ෂකයින් සෙට් එක... ගෝඨාගේ ගැම්මත් එක්ක හැරෙන්නවත් පුළුවන්ද?
විකාර තමයි... පව් නේද?
මොන ගැම්මක්ද?
නාලක, ප්‍රනාන්දු ඔයාලා ඡන්දෙ දාන්න ගියේ රත්මලානේ තියෙන අඳ, ගොලු, බිහිරි පාසලට නේද?