IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු  ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැර ජාතීන් අතර වෛරී හැඟීම් ඇවිස්සූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු මෙන්ම මේ වන විට ස්වාධීන මන්ත්‍රිවරයකු වන යටවත්ත මාතලේ පදිංචි මලල බණ්ඩාර ඒකනායක නමැත්තාය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිටින ඡායාරූපයක රිෂාඩ් බදියුදීන් මහතාගේ හිස ඉවත් කර එයට ජනාධිපතිවරයාගේ හිස සම්බන්ධ කොට “කමිෂන් 100ක් දාලා තහවුරු කරන්න බැරි දේ මේ ඡායාරූපවලින් තහවුරු වනවා” යන්න වැකියක් සඳහන් කරමින් ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කර ඇති මෙම සැකකරු එය අන්තර්ජාලයට මුදා හැර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (6)

ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

chathura Wednesday, 17 March 2021 01:59 AM

ඉතාමත් හොඳ වැඩක්... මෙමගින් අසාධාරණයට ලක්වූ අයට වන්දි ලබා දීමට වැඩපිළිවෙළක් ඇති කළා නම් ගොඩක් වටිනවා. ෆේස්බුක් හරහා බොරු දාන කට්ටිය ඔක්කොටම හොඳ පාඩමක්..

:       4       37

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 March 2021 05:32 AM

මෙන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ හැටි. මේ වගේ අමන මිනිසුන් තමයි මේ ප්‍රාථමික දේශපාලනයට ඇවිත් ඉන්නේ. මෙහෙම අයගේ අනිත් කෙරුවාවලුත්, මේ වගේම ඇති.

:       3       37

Rata PerataWednesday, 17 March 2021 07:31 AM

මහින්ද ජනාධිපතිවරණේදී, යාපනයට ගියා මතක නැද්ද? සිරිසේන වගේ කෙනෙක් අන්දවාගෙන... මේවා ඔක්කොම රාජපක්ෂලා පටන්ගත්ත වැඩ. දැන් මේ මනුස්සයා විතරක් අල්ලගෙන වැඩක් නැහැ. එදා මහින්දව අල්ලලා හිරේ දැම්මා නම් අද මේක වෙන්නේ නැහැ.

:       38       10

BamunuarachchiWednesday, 17 March 2021 10:53 AM

ඇයි මහින්දට යාපනේ යන්න තහනම්ද? එහෙම වෙන්න තිබුණා රනිල්, ප්‍රභාකරන්ට උතුරේ පාලනය 2005 දුන්නා නම්... 2020 පුතාණෝට රට ගියා නම් මඩකලපුවට යන්නත් අපිට තහනම් වෙනවා. හිරේ දාන එක කොහොම වෙතත් ගෙදර එක්කන් ගියොත් නරකද?

:       2       1

මෙවන් Wednesday, 17 March 2021 07:34 AM

ඉතා ප්‍රාථමික අදහස් ඇති අයම තමයි මුහුණු පොතේ බුද්ධිමතුන් වගේ පෝස්ට් දාන්නේ. ඔවුන්ගෙන් බොහෝ අය තම මුහුණ නොදා තමයි මෙවන් දේ නිර්මාණය කරන්නේ...

:       1       5

විරාජ් Wednesday, 17 March 2021 08:38 AM

සමහරක් ගාව තියෙන්නේ එකම එක සමීකරණයයි. එය නිමා කරන්නේ උත්තරය රාජපක්ෂ වන ලෙසටයි..

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 369 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site