(එෆ්.අස්ලම්)
දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
දෙමළ ජනතාව මුහුණ පා සිටින මූලික ගැටළු විසදීම වෙනුවෙන් ජනාධිපතිවරයා අවධානය යොමුකළ යුතු බවත් එම ජනතාව ආර්ථික හා සමාජීය වශයෙන් මුහුණ පා සිටින ගැටළු ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීම දෙමළ ජනතාවගේ නියෝජිතයින්ගේ වගකීම බවත් විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳ ලංකාදීපය වෙත (18) වැනිදා අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ බව කියා සිටියේය.
‘‘ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රථමයෙන් සුබපැතුම් එක්කරනවා.මේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ නියෝජිතයින් වශයෙන් අපි දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ පහක් සාකච්ඡා කරල මේ ජනතාවගේ හඳුනාගත් ගත් ප්‍රශ්න 13 ක් ඉදිරිපත් කරල තියෙනවා.
ඒ පක්ෂ පහම මේ ඉල්ලීම් වලට විසඳුම් දෙන බව පොරොන්දු වන අපේක්ෂකයාට සහාය දැක්විය යුතුයි කියන පොදු ස්ථාවරයකට පැමිණියා.
ඒ ඉල්ලීම් 13 අපි ඉංග්‍රීසි පරිවර්ථනයක් ලෙසින් ප්‍රධාන අපේක්ෂකයින් දෙපළටම ඉදිරිපත් කළත් කිසිඳු අපේක්ෂකයෙකු එම ඉල්ලීම් පිළිගැනීමට සූදානම් වුනෙත් නැහැ එකඟත්වයක් පලකර සිටියෙත් නැහැ.
මේ නිසා තමයි අපේක්ෂකයෙකු නම් කර ඔහුට හෝ ඡන්දය දෙන්නැයි නොකියා දෙමළ ජනතාව තමන්ට හොදයි කියල හිතෙන අපේක්ෂකයෙකුට සහාය දිය යුතුයි කියන ස්ථාවරයකට පැමිණියේ.
එසේ සිටියෙදී දෙමළ ජාතික සන්ධානය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ වුවමනාව මත සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව ප්‍රකාශ කළා.දෙමළ ජනතාවගේ මේ ඉල්ලීම් ඉටුකරන බව සජිත් පොරොන්දු වී ඇතැයි හැගෙන ආකාරයෙන් එම සහාය දැක්වීම සිදුවුණා.
මෙය දකුණේ සිංහල ජනතාවගේ දැඩි සැකයකට තුඩුදුන් නිසා සජිත් ප්‍රේමදාසට දකුණෙන් හිමිවීමට තිබූ ඡන්ද පවා අහිමි වී ගියා.මෙය රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට දෙමළ ජාතික සන්ධානය විසින් ගත් වැරදි පූර්වාදර්ශයක්.
සජිත් ප්‍රේමදාස අභිබවා යමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ බහුතර ජනවරමකින් රටේ ජනාධිපති ධූරයට පත්ව තිබෙනවා.
ජනාධිපතිවරයා සියළු රටවැසියාගේ ආරක්ෂකයා නියෝජිතයා වශයෙන් ජනතාවගේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ගෙන ඒමට මූලිකත්වය ගතයුතුයි.
දෙමළ ජනතාවගේ සැබෑ තත්ත්වය ආර්ථික අපහසුතා ආදී තත්වයන් ගැන ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා‘‘ යැයිද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
COMMENTS
උතුරේ අන්තවාදය වපුරන මොහුව, ජනාධිපතිතුමාගේ අහලකටවත් නොගනීවි යයි සිංහල අප බලාපොරොත්තු වෙනවා.
නැති ප්‍රශ්න මවන්නේ ඔබ වැනි දේශපාලුවෝය
ඔයා කලබල වෙන්න ඕන නැ. දෙමල ජනයාගේ වුවමනාව අපි හොඳටම දැක්කා. අමුතුවෙන් එතුමා එක්ක කතා කරන්න දෙයක් නැහැ.
අන්න එහෙම එන්න. සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්‍න විසදන්න පුළුවන්.
මෙයා විතරක් නෙමෙයි අනික් සියලුම උතුරේ දේශපාලකයිනුත් කරන්නේ ද්‍රවිඩ ජනතාව රැවටීමයි. දකුණේ කෙරෙන්නේත් ඒකමයි. සාකච්චා කිරීම ඉතාම හොඳයි. නමුත් ඔය ඉල්ලීම් බලය පවත්වා ගැනීමට මිස ද්‍රවිඩ ජනතාවගේ සැබැ ප්‍රශ්න විසඳීමේ අරමුණින් ගෙනෙන ඒවා නොවෙයි. කලයුත්තේ සමස්ත ජනතාවගේ සැබෑ ප්‍රශ්න නිවැරදිව හඳුනාගෙන පිළියම් යෙදීමයි. ඒ අන්දමට ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවත් අපේම පුරවැසියන් බව සලකා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවහොත් ඔවුන් තමන්ගේ නායකයින් යයි පෙනීසිටින පුද්ගලයන් ප්‍රතික්ෂේප කොට සැබැ නායකයන් වෙත ආකර්ෂණය වනු ඇත.
ඒ එක්කෙනෙක්වත් ඔබතුමා කියන දේ ඇහුවේ නැහැනේ. ඉතින් ඔබතුමා කොහොමද දෙමල ජනතාවගේ නියෝජිතයෙක් වෙන්නේ.
ගෝඨාභය මැතිතුමා ආරක්ෂක ලේකම් ලෙස සිටින විටදි යුද්ධයෙන් පස්සේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න හොඳින් තේරුම්ගෙන උතුර දියුණු කළ හැටි අපි හොඳාකාරව දන්නා කරුණක්. ඒත් මේ වගේ අය නිසා තමයි දෙමළ ජනතාව පීඩා විඳින්නේ.
මෙතන යන්නේ අමුතු ගේමක් කියලා මෝඩයින්ට තව ටික කාලෙකින් අපි හෙළිදරව් කරනවා.
සාකච්චා කරන එක නම් හොදයි. ඒත් මෙයා යටින් නුල් අදින්න හරිම දක්ෂයෙක් වගේම කිසිදු විස්වාසයක් තැබීමට නොහැකි කෙනෙක්
මේ අයගේන් ගෝඨාභය මහත්තයට ඇති ප්‍රයෝජනය කුමක්ද? කැලේ මාරු කරන්න හිතාගෙන ආවත් අපි දන්නවා පුල්ලි වලින් කොටියෙක් බව.
විග්නේශ්වරම් යන ද්‍රවිඩ වාසගම පමණක් අනාගතය වෙනුවෙන් සිංහල බෞද්ධයා මතක තබා ගත යුතු වෙනවා. නව ජනාධිපති තුමා සමග සිංහලයා අවදියෙන්!!!
ඔබගේ ඉල්ලීම් වලට අපි ගරු කරන්නේ නැහැ... කරුණාකර ආපු මගක් බලාගෙන යන්න...
ඒ දවස් වල , අධි මානසිකත්වයකින් ඉඳල අපි නැතුව බැහැ කියලා ඉඳලා ,පශ්තාත් භාගය බිම ඇනුනම තමයි මේ වගේ දේවල් මතක් වෙන්නේ .
උතුරේ දේශපාලන නායකයන් ඉදිරිපත්කරන ජනතාවගේ ප්‍රශ්ණ සහ ඇත්තටම උතුරේ බිම් මට්ටමේ ජනතාව මුහුණ දෙන සැබැ ප්‍රශ්ණ අතර ලොකු නොගැලපීමක් තියෙනවා. තවමත් උතුරේ අහිංසක මිනිසුන්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය මේ සුළුතරයක් උන දේශපාලන කණ්ඩායම් ලබාදී නැතිබවක් පෙනෙන්න තියෙන්නේ. දේශපාලන නායකයන් ක්‍රියා කරන්නේ බෙදුම්වාදී අරමුණු මුලික කරගෙන LTTE ඩයස්පෝරාවට උවමනා පරිදි මගෙනම් හැගීම. මේ මැතිවරණයේ ඇත්තටම පිලිබිබු උනේ උතුරේ අහිංසක ජනතාවගේ සැබෑ මතය නොවෙයි. එය හුදෙක්ම දේශපාලන පක්ෂවල මතයයි. උතුරේ ජනතාව තුලින් ඔඋන්ගේ බෙදුම්වාදී දේශපාලන නායකත්වයට අබියෝගයක් කළහැකි තැනකට එම ජනතාව යොමු කිරීමේ අබියෝගය දකුණේ දේශපාලනය විස්වාසනීය ලෙස ඉක්මනින්ම ජයගත යුතුයි.
උතුරේ දෙමළ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දකුනේ ගම්බදව ඉන්න බොහෝ මිනිස්සුන්ටත් තියෙනවා. ඔයාලගේ වරද හැමවිටම කොළඹ එක්ක උතුරේ ගම්බද ප්‍රදේශ සැසදීම. පොදුවේ කොළඹ නගරයෙන් පිට බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමා කොලඹටම එන්න ඕන වෙන එක රජයේ සමහර කාර්යාල වලින් වැඩ කිරීමට. දැන් තාක්ෂණය දියුණුයි වගේම තාක්ෂණය ගැන හොදින් දන්න ජනාධිපති කෙනෙක් ඉන්නේ. ඉතින් ඉන්න නගරයෙන්ම වැඩ කරගන්න ක්‍රම හදයි කියලා හිතනවා... එතකොට අනවශ්‍ය විදියට කොළඹ මිනිස්සු එන්නේත් නෑ අනවශ්‍ය වාහන තදබදයන් ඇතිවෙන්නේත් නෑ.
ඇයි ගිහින් සජිත්ට කියන්නේ නැත්තේ. බුරුතු පිටින් ඔහුව දිනෙව්වානේ.
ඔබ මහ ඇමති වෙලා හිටිය කාලයේ උතුරේ වැසියන් වෙනුවෙන් කරන ලද ප්‍රධාන කාර්යන් 10ක් කියන්න.
සිංහලයන් සමග දේශපාලනය කරන්න බැරිනම් වෙන රස්සාවක් කරන්න. වෙනම කියන වචනය පාවිච්චි නොකරන්න.
අපි දැන් එක ජාතියක්, දේශපාලනයෙන් තොර සහයෝගයෙන් අපේ ලක් මවගේ දරුවන් ලෙස අපේ නව ජනපති සමග රට රැකගමු. සිංහල ,දෙමල, මුස්ලිම්, අපි හැමෝම එකට අපේ මව් රටට සේවය කරමු.
මේගොල්ලන්ගේ කටේම තියෙන්නේ උතුරේ දෙමල ජනතාවගේ ප්‍රශ්න කියන මන්තරේ . එතකොට ලංකාවේ අනිත් පළාත් වල දෙමල අය නැද්ද ? ඒ ජනයාට ප්‍රශ්න නැද්ද ? උතුරේ සිංහල ජනයා නැද්ද ? ලංකාවේ අනිත් කොටස් වල ඉන්න සිංහල ජනයාට ප්‍රශ්න නැද්ද ??
දැන් මෙයා හරි අහිංසකයි. ඉස්සර තමා බුදු අම්මෝ.....
මගේ ශෝකය. අපි දෙදෙනා පළමුව මුණගැසුනේ 1967 ගම්පොලදී... ඒ කාලේ මෙතුමා පක්ෂ සාමාජිකයෙක් පමණයි.
සජිත් පැරදුනාම දැන් බබා වෙන්න හදනවා