(ඩයනා උදයංගනී )
කතානායකවරයා විසින් යොමු කළ අත්සන් ලේඛනය සහිත ලිපිය ලැබුණු පසු ජනාධිපතිවරයා ඉදිරියේ දී ව්‍යවස්ථානුකූල තීන්දුවක් ගනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
අගමැතිවරයකු පත්කිරීමේ ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවද ඇමතිවරයා සදහන් කළේය.
ජනාධිපතිවරයා ඒ අනුව නීතිමය උපදෙස් ද ලබාගනිමින් ඉදිරි පියවර ගනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ඇමති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
කරුණාකරලා කරන දෙයක් කරන්න. අායෙත් අල කරන්නේ නැතුව..
රට වලපල්ලට ගියාට පසුවද?
කලිනුත් නීති උපදෙස් ගත්තලු නේද? මේ සැරේ වෙන නීති උපදේශකයෙක් සොයා ගත්තොත් හොඳයි නේද.?
ජනාධිපතිතුමා ගත්තොත් තීරණයක්... ඒක නියමෙට ව්‍යවස්ථානුකූලයි..! මේ දවස්වල වැසිකිළියට යන්නෙත් ව්‍යවස්ථානුකූලව වෙන්නැති...!
ඇමතිතුමනි, නොදන්නාකමටයි අහන්නේ... අගමැති පත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ බහුතරයකගේ කැමැත්තට තැනක් ඇත්තේම නැද්ද? තිබෙන්නේ ජනාධිපතිගේ අභිමතය පමණක්ද?
හිස් වචන. ඕක ඉතින් කියන්න දෙයක්ද? නැත්නම් ලිපියක් යවයිද? අපි ගවරැලක් කියලනේ හිතන් ඉන්නේ හිටං...
නීතිමය අදහස් නීතිපතිගෙන්ද? ඔහුට තිබුණු ප්‍රසාදය දැන් නැතිවෙලා.
අපට නම් ආරංචි වෙන්නේ "පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කෙනෙකුගේ නමක් යෝජනා කරන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් වෙත දන්වා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු ප්‍රකාශ කල" බවයි. අන්තර් ජාලයේ පළවූ එම පුවතෙහි මෙසේද දැක්වෙනවා "රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට විකල්පයක් සිටිනම් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයෙන් ඉවත් කර එම තැනැත්තා අගමැති ලෙස පත්කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයට සහතිකයක්දී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරියා අවධාරණය කළේය. තවදුරටත් මෙම ප්‍රශ්නය දුරදිග ගෙන නොගොස් විසඳා ගැනීම සඳහා සහය වන ලෙසයි.. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින්ට වැඩිදුරටත් දැනුම් දී ඇත. මෙහිදී අගමැති ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙන්නේ මෙවැනි අර්බුධකාරී අවස්ථාවකට මුහුණ දිය හැක්කේ අත්දැකීම් බහුල පරිණත නායකයෙක් වන පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවයි."
කලින් කලා වගේ කරයි අපි නොදන්නා ලයිවූ හැබැයි කලින් කලාවගේ කොරන්න ගිහින් ගෙදරම යන්න වෙන්න පුළුවන්
ජනාධිපතිට කියමු අපි අගමැති කෙනෙක් පිටරටින් ආනයනය කරන්න කියලා අන්තිම තුරුම්පුව හැටියට.
එහමනං මේ වනතුරු ව්‍යවස්ථානුකූල නොවේද ජනාධිපති කටයුතු කළේ?
මෙය රටටම බලපාන ප්‍රශ්නයක් .මෙය සාධාරණ ලෙස විසදිය යුතුයි.
පාර්ලිමේන්තුව විසුරුවාලීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 දක්වා අතුරු තහනම් නියෝගයෙන් අධිකරණය මගින් අත්හිටුවා ඇති නිසා දැන් ජනාධිපති වරයාට තමන්ගේ බලතල අනුව එකී දිනය දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමේ නියෝගයක් නිකුත් කළ හැකි නම් යම්තාක් දුරට ගැටලුව කල් දමාගත හැකිය.