IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (16) උදෑසන 7ට ආරම්භ විය.

රටපුරා පිහිටුවා ඇති ඡන්ද පොළ මධ්‍යස්ථාන 12,848 කදී ඡන්ද විමසීම පැවැත්වන අතර ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 5 න් අවසන් වන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයට වාර්තාගත ලෙස අපේක්ෂකයෝ 35 දෙනකු ඉදිරිපත් වී සිටිති. එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයන් ගණනය.

එම අපේක්ෂකයන් අතර භික්ෂූන් වහන්සේ දෙනමක් සහ කාන්තාවක් ද සිටිති.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 15,992,096 සුදුසුකම් ලබා සිටිති. මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකකට වඩා (සෙන්ටිමීටර 66) දීර්ඝ වන අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාවය.

බලයේ සිටින ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා තරග නොකරන ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය වන්නේ ද මෙවර ජනාධිපතිවරණයයි.

මැතිවරණ රාජකාරී සඳහා 150,000 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙන අතර ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන 1550ක් ස්ථාපිත කර තිබේ.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් රටපුරා පොලිස් නිලධාරීන් 60,175 දෙනකු සිවිල් ආරක්ෂක බළකයේ භටයන් 8080 දෙනකු ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (15) පැවැසීය.

මැතිවරණ කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් සෑම ඡන්ද පොළකටම නිලධාරීන් දෙදෙනා බැගින් ඡන්ද පොළ රාජකාරී සඳහා 25,712ක් ද, පොලිස් ජංගම රාජකාරී සඳහා රථ 3043ක් වෙනුවෙන් පොලිසියේ 6086ක්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් 6086 ක්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43ක් සඳහා පොලිස් අධිකාරීවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් පරීක්ෂකවරුන් හා උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් 2,197ක් යොදවා ඇති බව ද හෙතෙම කීය.

ජනාධිපතිවරණයේ සමස්ත වියදම රුපියල් කෝටි 750 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාව විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරණ කටයුතු සඳහා ඔක්තෝබර් 14 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා කාලයේදී රුපියල් කෝටි 169ක මුදලක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉකුත් දා සඳහන් කළේය.

ඊට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම, පැෆරල් ආදී දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා එක්ව සිටී.


බදුල්ලේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප - පාලිත ආරියවංශ)


දඹුල්ලේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප - කාංචන ආරියදාස)


අනුරාධපුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප- මනුල වික්‍රම)


උතුරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප- රෝමේෂ් මධුසංක)


වීරකැටියේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප- සනත් ගමගේ)


හැටන් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප - සුදත් එච්.එම්.හේවා)

පුත්තලම ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)


මහනුවර ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(ඡායාරූප - මොහොමඩ් ආසික්)



අදහස් (6)

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

අතුල Saturday, 16 November 2019 01:43 AM

රටට හිතැති හෙට සුභ ඇති රණ විරුවෙකි.., ඔබේ ජනපති...

:       0       1

Hiran Saturday, 16 November 2019 01:44 AM

ගුඩ් ලක්...

:       0       0

ගල්කටස් Saturday, 16 November 2019 01:57 AM

ශ්‍රී ලංකාව දිනවන්න ඡන්දය දාන්න මාත් අද උදෑසන ලංකාවට අාවා.. සාමකාමීව ඡන්දයට දායක වීම මහ ජනතාවගේ වගකීමයි. කවුරු දින්නත් මගේ මාතෘභූමිය කැත නොකර සිටින්න වග බලාගත යුතුයි.

:       2       30

පිටිගල මිලානෝ Saturday, 16 November 2019 02:38 AM

දඬුවම් විඳින දුමින්ද සිල්වාගේ අවසන් දඬුවම් රාත්‍රිය විය හැකිය..!

:       1       0

Akila Saturday, 16 November 2019 03:25 AM

කතිරයි, ඉලක්කම් ඔක්කොම තියන නිසා මම නම් බලන් ඉන්නේ මේ සැරේ ඡන්ද කීයක් වැරදියට සලකුණු කිරීම නිසා අවලංගු වෙනවද කියලා දැනගන්න.

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Saturday, 16 November 2019 04:22 AM

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම හා තව අවුරුදු තිහකට යූඑන්පී ජේවීපී රජයක් ඇති නොවීම ස්ථීරයි. ලංකාව ආසියාවේ දියුණු රටක් වීමද ස්ථීරයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි!!! රටට ජය වේවා...!!!

:       3       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1718 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site