(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව අවසන් වූයේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (16) පස්වරුවේ පැවැසීය.
ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය උපරිම ආරක්ෂාව දුන් බවත් ඡන්ද පොළ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පමණක් පොලිස් නිලධාරීන් 25,700කට වැඩි පිරිසක් යෙදවූ බවත් ගුණසේකර මහතා කීවේය. බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව ද ඔහු කීය.
ඊට අමතරව 3,000කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් ජංගම සංචාරවල යෙදුණු බව ද හෙතෙම කීවේය.
ඡන්ද පෙට්ටිවලට මුද්‍රා තැබීම මේ වනවිට සිදුවන බවත් ඒ සඳහාත් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව ද මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ද ආරක්ෂාව දෙන බව ද ගුණසේකර මහතා කීය. ඡන්දය ගණන කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු හෝ පොලිස් අධිකාරිවරයකු හෝ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් 50කට වැඩි පිරිසක් යොදවා ඇතැයි ද ඔහු පැවැසීය.
ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ඇති බවත් කැරැලි මර්දන ඒකක ද සීරුවෙන් තබා ඇති බවත් ගුණසේකර මහතා කීය.
පශ්චාත් මැතිවරණ කාල සීමාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇතැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීයි
Bandara Saturday, 16 November 2019 04:54 PM
පුතාණෝගේ පියාණෝ මතක් වුනා. ඒ කාලෙත් මේකමයි කිව්වේ.