
(නිමල කොඩිතුවක්කු)
ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම සහ මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද(08) විරෝධතාවක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
"ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු, මාධ්‍ය මර්දනය හෙළා දකිමු, සිවිල් අයිතීන් සුරැකීමු, උද්ඝෝෂණ වලට ආණ්ඩුව බය ද"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.
විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාවෙමින්යනවා මනෝ ගනේෂන්, අශෝක් අබේසිංහ, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, මුජුබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
"සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝවිඩ් රෙගුලාසි අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් විරෝධතාවයක නිරත වී සිටිනවා.සාමකාමී විරෝධතා වල යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ නියෝග, රෙගුලාසි, නිවේදන නිකුත් කරමින් සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මානව අයිතීන් අපේ රටේ සියලුම පුරවැසියන්ට තියෙනවා. එය මොනම ජගතෙකුටවත් මොනම ආණ්ඩුවකට වත් මර්දනය කරන්න බැහැ. ඒ නිසා කොවීඩ් රෙගුලාසි අනුගමනය කරමින් ඕනෑම වෙලාවක විනයානුකූලව මහ පාරේ විරෝධතා පවත්වන්න තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා.
තෙල් මිල පහත හෙලන ලෙස ඉල්ලමින්, ගොවියාට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්, ධීවරයාට සහන ඉල්ලමින්, පරිසර විනාශයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලමින් අද රට පුරා ජනතාව මේ විරෝධතා ව්‍යාපාර ගෙන යනවා. මේ ආණ්ඩුවට මුල ඉදලම කිසිම වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. ආණ්ඩුවේ සියලුම දේවල් අද අසාර්ථක වෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, කොවීඩ් මර්දනය වෙනුවෙන් එන්නත් ලබාදීම සඳහා සිදුකරන සියලුම වැඩසටහන් අද අසාර්ථක වෙලා.
එයට එරෙහිව විරෝධය පළ කරන්න ජනතාවට අයිතියක් තියෙනවා.එයට එරෙහිව වර්තමාන ආණ්ඩුව ජනතාව වෙත මර්දනය සහ තර්ජනය දියත්කොට තිබෙනවා. ඊට එරෙහිව සමගි ජනබලවේගය දිගින් දිගටම අරගල කරනවා" යයිද ඔහු එහිදී පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරුහරි මෙතනට පිදුරු ටිකක් ගෙනත් දාන්නකො.
ඕවා ජනතා විරෝධතා නොවෙයි පක්ෂ විරෝධතා. ඕවාට ඉඩ දෙන්න බැහැ.