(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය උපදෙස් තිතටම පිළිපදිමින් ජනතාව උපරිමයෙන් ප්‍රවේශම් සහගත වුවහොත් කොරෝනා පරදා ලබන ජනවාරිය වන විට රට නැවත වැඩ බිමක් කිරීමට හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
රටේ සියලුදෙනාට එන්නත ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගෙන කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර ගන්නට රජය සමත්ව තිබෙන බව කී අමාත්‍යවරයා සංවර්ධන සංග්‍රාමය ඉක්මනින් අරඹා ජනතාවගේ අතමිට සරු වන යුගය උදා කිරීම රජයේ ඒකායන අරමුණ බවද සඳහන් කළේය.
පළාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා කීවෙි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි අය වැයෙන් රට පුරා සංවර්ධනයට විශාල මුදලක් වෙන් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන්න ඉස්සෙල්ලා තමන්ගේ විෂයට අයත් කාරණා ගැන හොයලා බැලුවොත් හොදයි නිකන් කියවන් නැතුව.
උගත් බුද්ධිමත් අය මේ කියන දෙයට අනිවාර්යෙන් එකඟවිය යුතුය.
තිතට සීනී නැවක් තෙල් නැවක් බාගනන බැරිද දන්නැ
ආපහු පාරක් කටින් බතල හිටවනවා. මෙයා මොකට දක්ශ නැති උනත් බොරු පුරාජේරු දොඩවන්න නම් අති දක්ශයි.
හොරු නැත්නම් මේ රට තවත් හොදට දුවන්න පුළුවන්
හොද දැක්මක්
හොද දැක්මක් මේක නම්