(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනතාව සැකයෙන් බලන්නට පටන් ගෙන ඇති බැවින් අගවිනිසුරුවරයාත් අධිකරණ සේවා කොමිසමත් ඒ සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගතයුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පැවසීය.
මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට පැහැදිලි වගකීමක් තිබෙන බවද අගමැතිවරයා පුවත්පත් කතුවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී අද (09) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.
ඉකුත් රජය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ , නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ඇතැමුන් සම්බන්ධ වී ඇති බව කී අගමැතිවරයා මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අධිකරණය පැත්තෙන්ද වහාම පියවරක් ගතයුතු බව කීවේය.
ඉකුත් රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑම් එල්ල කළේ ද යන්න මෙම හඬපට වලින් පැහැදිලි වන බව කී අගමැති රාජපක්ෂ මහතා මේ තත්ත්වය තුළ අධිකරණ තීන්දු පිළිගන්නේ කෙසෙද යන්න අද වනවිට ජනතාව ප්‍රශ්න කරන බවද සඳහන් කළේය.
අධිකරණයට එල්ල වී ඇති ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතළ යැයිද ඔහු කීය.අධිකරණයට හා පොලිසියට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට පමණක් වරද පැටවිය නොහැකි බව කී අගමැතිවරයා මෙය පසුගිය රජය කලයේ අරලියගහ මන්දිරයේ සිටි පිරිසක් විසින් සාකච්ඡා කර සිදුකරන ලද දේවල් බවද කියා සිටියේය.
ඉකුත් රජය සමයේ විපක්ෂයේ අයට සමහර නඩු දමා ඇත්තේ වාහන භාවිතා කිරීම වාහන භාවිත කරන්නට අවසර දීම ආදිය සම්බන්ධයෙන් බවද අගමැතිවරයා කීවේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු යැයිද මැතිවරණයේ වෙනසක් සිද්ධවිය යුතු යැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
ගරු අගමැතිතුමනි, අර අඹගෙඩි කඩපු මනුස්සයාට දීපු තීන්දුව සරණට නොලැබෙන එක දැක්කම අපිටත් ඕකම හිතුණා.
ජනතාව විතරක් නෙමේ රට කරන උදවියටත් ඔය කියන සැකය තිබුනා. මෙන්න පළිගන්නවෝ කියලා..... පසුගිය ටිකේ..... බෙරිහන්. දුන්නා කට්ටිය. දැන් සේරම අමතක කරලා දඩයමේ යනවා.
ඇත්ත. හිරගෙදරට යන්න ඕන කෙනා රජගෙදරට යැව්වා..... කී දවසක ඉඳන් සහ අර අගවිනිසුරුවරිය එළවා දමා නීතියේ ආධිපත්‍යය ඉහටත් උඩින් ස්ථාපිත කළදා පටන් අධිකරණය කෙරෙහි අති විශාල ගෞරවයක් ජනතාව තුල ඇතිවුනා. ඒ තත්වය අඩු වෙන්න දෙන්න හොඳ නෑ. මේ යන විදිහට ඒක නැවත ඇතිවෙනවා ෂුවර් කියල ලොකු විශ්වාසයක් ජනතාව තුල තියෙනවා.
මහා උගතුන් ලෙස සාමාන්‍ය ජනතාවට ගොඩාක් ඉහළින් සිටි අය බලු කුක්කන් මෙන් පාද ලෙවකනවා ඇසූ විට කා ගැන විශ්වාස කරන්නද ? කාට නම් ගරු කරන්නද ? වැරදිදේ සැමදා සැඟවී නොපවතී.
මේ වෙලාවේ.. අර, එදා පොරොන්දු වුණු සහන මල්ලවත් ලැබුණා නම් හොඳයි කියලා හිතුණා..
ජනතාව සමහර අධිකරණ වල තීන්දු ගැන සැකෙන් බලන්න ගත්තේ බොහෝ කලක ඉඳන් මිසක් අද ඊයේ නොවෙයිනේ.....................
අනේ.... අපි හින්දා නම් නෙමේ ඔන්න. ගව මඩුවේ 225 හින්ද තමා.. අධිකරණ පද්ධතියත් අහෝසි කරල දාන්න පුලුවන් වැඩපිළිවෙලක් හිතුවොත් මොකද අගමැතිතුමෝ......?
එතුමාගේ කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. අර හිටපු අග්‍රවිනිශ්චයකාරයෙකුත් කිව්වනේ තමන් දුන්නු තීන්දුවලට ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලා. මෙතුමාටත් ඒ කතාව මතක් වෙන්න ඇති...
බබා වෙන්න හදන්න එපා. ඔය කොයිකවුරුත් නීතිය නමන එක තමයි කරන්නේ හැමදාම...
කතාවේ නම් ගතයුත්තකුත් තියෙනවා. ජනතාව අධිකරණ තීන්දු ගෙන සැකෙන් බලන්න පටන් ගත්තේ මීට කලින්... ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රටම දන්නවා.
හඬපට එළියට ආව නිසා මේ ටික හෙළිවුණා. නමුත් බහුතර දේශපාලකයින්ගේ යථාර්ථය මෙය බව ජනතාව අවබෝධ කරගත යුතුයි.
ඔබතුමාගේ කාලේ ඒවා රෙකෝඩ් කළානම් මේවා මොනවද? නේද?
ඔව් ඔව් ඔබතුමාටත් ඕනෑ මොනවා හරි කියලා කරලා අර මිනීමරු කුඩ්ඩාව එළියට ගන්න නේද..? බලාගෙනයි. මිනිහා එළියට ආවොත්... නන්නාඳුනන තුවක්කුකරුගෙන් බේරෙන්න බැරිවේවි...
හැබැයි අප්පච්චි ඕක පටන්ගත්තේ ඔබතුමාගේ කාලෙ තමයි.එතකොට අධිකරණය, පොලිසිය... ඔය ඔක්කොම තිබ්බේ අරලියගහමැදුරෙ නොවැ.
දැන් මෙතන රාජපක්ෂ මහත්තයා කියනවනේ අධිකරණය ගැන විශ්වාසය නැති වෙලා කියලා. ඒක නැතිවුනේ ඔහේගේ කාලේ කියලා අපි කියනවා. ඒ කාලේ අධිකරණයේ තමන්ට ඕනේ නඩු තීන්දු නඩුකාරයෝ අරලිය ගහ මන්දිරේට ගෙනත් ලියාගත්තේ ඇයි අමතකද?
දුමින්ද ? එළියට ගමු නේද ?අනේ අපි වගේ හරක් .................
අනේ අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ ?
හොඳ වෙලාවට අපේ කාලේ ඒවා රෙකොර්ඩ් කරගත්තේ නැත්තේ......
මතකද. SF කුදලාගෙන ගිහින් හිරේ දාපු හැටි.
සත්තකින්ම ඔව්. රාජිතට ඇප ලැබුන හැටි, රූමිට ඇප ලැබුන හැටි, පාඨලීට ඇප ලැබුන හැටි ගැන දැන් විශාල සැකයක් තිබෙනවා.