(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම සඳහා මෙයට පෙර තිබූ අවස්ථාව යළි ලබාදීමට අවධානය යොමු වී ඇතැයි සභානායක කාර්යාලය පවසයි.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව කොරෝනා වසංගතය ආරම්භවීමත් සමඟම සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.
මෙහි පළමු පියවර යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමර දහයක් මේ සඳහා වෙන් කිරීමට සාකච්ඡා වී ඇත.
එහෙත් මේ අවස්ථාවේදී ඊට වෙන් කළ හැක්කේ කාමර හතක් පමණක් බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇතැයි සභානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොරෝනා තත්වය පාලනයවී මහජනතාවට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර මහජනතාව සඳහා විවෘත කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඊට අවශ්‍ය කෙරෙන කාමර සූදානම් කරගෙන යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, දැන් ගමට ගියොත් ගහන හින්දා මන්ත්‍රීලාගේ ආරක්ෂාවට හොඳයි. ජයවේවා...!!!
කියපු බොරු ,දීපු බොරු පොරොන්දු ජනතාව රවට්ටපු හැටියට රෙද්දක් ඇන්දගෙන ගමට එන්ඩ විදියකුත් නැතුව ඇති .