(චමිල් රූපසිංහ)
ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය.
මහනුවරට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී දනත්ධාතූන් වහන්සේ වැද පුදා ලත් අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව එම පිරිස මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර මහනුවර කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් හින්දු කෝවිලේ ආගමික වතාවත් සඳහා අද (14) සහභාගී වීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතා ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා පාක්ෂිකයන් තුන්දහසකට අධික පිරිසක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත රැස්ව සිටියහ.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, එම පාර්ශවයේ කාරක සංඝ හිමිපාණන් වහන්සේ වන ආචාර්ය ගොඩගම මංගල හිමි, ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය එහිදී පිරිත් සජ්ඣයානා කර පිරිසට ආශිර්වාද කෙරිණි.
පසුව ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිස කටුකැලේ ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලට පැමිණ එහිදී හින්දු ආගමික වතාවත්වල නිරත වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
ඉන්පසු තිරුපති වැද පුදාගන්න. රටට හෙන ගැහුවත්... අපිට මොකද? අපි ආශීර්වාද කරනවා.
"එ්ත් මට තේරෙන්නේ නැහැ... හිඟන්නන්ගේ ගැටළු... ඔවුන්ට සල්ලි තියෙනවා. ඉන්න තැනක් නැහැ.. ඔවුන් ඉන්න ආසත් කොළඹමයි. එ් නිසා තමයි මම ඒ අයව දිව්‍යලෝකෙටම ඇරියේ... හාමුදුරුවනේ.."
11. අන්තරේ ඉන්න අයට මුළු සරසවි පද්ධතියම ඔවුන්ට ඕනෑ හැටියට නටවන්න දී නපුංසකයකු සේ බලා ඉන්නේද? 12.අහිංසක සරසවි සිසුන්ව අමානුෂික නවකවාදයෙන් බේරාගැනීමට කුමක් කරන්නේද? 13. කිනම් හෝ මහජන නියෝජිතයෙක් යයි කියන බූරුවෙක් විදේශගත වුණොත් මහජන මුදලින් ඒ ගිය වියදම්, කුමක් සඳහා ගියේද, ලබාගත් දැනුම කුමක්ද, ගොට්ටන්, ඥාතින්, මහජන මුදලින් ගෙනගියේ නම් ඒ පිළිබඳ සියලු විස්තර ජනතාවට දැනගැනුමට සලස්වන්නේද? 14. මහාඋන්දෑ විදේශගත වෙන විට මහජන මුදලින් ගොට්ටන්, ඥාතින් හැත්ත බුරුත්ත ගෙනියන්නද? අප බලා සිටිනවා ඔහේ කෙලින් උත්තර ලබා දේ යන්න. 15. (තවත් වැදගත් පැනයක්) ඡන්ද ගොඩ අඩුවුණොත් අශුචි ඔටුන්න ගැනීමට සුළු පක්ෂ යයි කියන හිවලුන්ගෙන් උදව් ගන්නේද? එසේ ගන්නේ නම් එම හිවලුන් සමග කිනම් හෝ ගිවිසුම්ගත වන්නේ නම් (ඊට පෙර සියලුම තොරතුරු ගිවිසුමට අදාළ) මහජනතාවට දැනගැනුමට සලස්වන්නේද?
වැටහීමක් තිබෙන නිසා ඝෝඨාභය අපේක්ෂක ලෙස පත්කළ බව සරත් ෆොන්සේකාත් ඊයේ, පෙරදා කීවා. ඒ බව දැන් බලයේ සිටින ගොබ්බයින් තේරුම් ගතයුතු බවත් කිව්වා.
මෙයාලට මොකද දින්නත් ගොඩ පැරදුණත් ගොඩ... දින්නොත් මෙහෙ... පැරදුණොත් එහේ...
විධායකය මම හාමුදුරුවනේ, ව්‍යවස්ථාදායකය අයියා, අධිකරණය ගෙදර පිළිකන්නේ. පොලිසිය ඇඳයට... ඉතින් මට ජනතාවගේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්නේ හාමුදුරුවනේ. සාධු සාධු සාධු !!!
දළදා මාලිගාවට බෝම්බ ගහපු අර රැස්වීමේ ඉස්සරහම පුටුවක වාඩිවෙලා නෙලුම් පොහොට්ටුවක් වන වනා හිටිය එක්කෙනත් අඬගහගෙන ආවද අපේ මහත්තයෝ? ඔබතුමාලා සෙනඟ ගෙන්වන වැඩේට ඉතාම දක්ෂයි කියලා අපි මීටකලින් දැකලා තියෙනවා. ඉතින් ඒක කියන්න තරම් පුදුම දෙයක් නොවේ. තව ඇස්බැන්දුම් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි...
නිකන් පරඬැලක් වගේනේ. මහින්දගේ පෞරුෂය ගෑවිලාවත් නෑ. නිකන් ජීඑල් සහ රනිල් වගේ. සීයයට 30ක් වත් ඡන්ද මෙයාට නම් වැටෙන්නේ නෑ. පතෝලයෙක් ගෙනත් බැට කෑ මිනිස්සු ආයෙත් පතෝල වගේ පරඬැලක් වගේ මිනිස්සුන්ට නම් ඡන්දේ දෙන්නේ නෑ.
සිරිකොතේ ගෝලයෝ හුස්ම නොගෙන වැඩ වගේ... කොමෙන්ට් දිහා බලපුවහම පෙනෙන්නේ !
ජනතාවට කිසිම තීරණයක් නැහැ. කාලයෙන් කාලෙට පෙළපාලි කාරයෝ, ගුටිකන සීන් බලන්න නැතිව. දින්නට පස්සේ දිනපතා සජීවීව පෙන්නන්න පුළුවන් ජනතාවට බලබලා ප්‍රීති වෙන්න.
වට වන්දනාවේ යන එක විතරද? කොහේගියත් අවසානයේදී ඡන්දෙ දෙන්නේ මිනිස්සු. ඒ දෙනකොට පෙර වැරැදි චෝදනා නැති පිරිසිදු මිනිස්සුන්ට විතරයි ඡන්දය දිය යුත්තේ. වැඩියෙන් වැරැදි කළ මිනිස්සු ඒවා වහගන්න පන්සලක් ගානේ යන්නේ..
ගෝටා කියන්නේ හොද දැකීමක් තියන කෙනෙක්
ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබඳව යහපත් අවබෝධයක් ඇති නිසා තමයි ගිය පාර සුදු වෑන් එව්වේ... මේ පාර මොන වෑන්ද එවන්නේ?
පොහොට්ටුවෙන් කියා දැන් එකපාරටම පොදුජන පෙරමුණු අපේක්ෂක වුණාද? එතකොට නිදහස් පක්ෂය මොහුව පිලිඅරගෙනද? එහෙනම් කෝ ඔතන දයාසිරි, කෝ අමරවීර, කෝ රෝහනධීර? ජනතාව නොමග යවන හැටි.. දූෂණ, වංචා නඩු කප්පරක් තිබෙන පුද්ගලයෙක් ජනපති අපේක්ෂකයා වශයෙන් පත්කිරීම තුළ අපිට ඕනෑ විදියටයි රට පාලනය කරන්නේ කියන පණිවිඩය සාටකයින්ගෙන් ප්‍රදර්ශනය වෙලා තිබෙනවා.
මෙතන අදහස් පලකොට ඇති, මහේෂ්, රවීන්ද්‍ර, නිමල්ලා එකට එකතු වෙලා ගොන් පාට් එකක් ඇක්ට් කරලා අපිව තම්බන්න හදනවා වගෙයි පේන්නේ... බොරු සෝභන ඕනෑ නැහැ. ගෝඨාට ප්‍රශ්නයක් විසඳන්න එක බුලට් එකයි වැයවෙන්නේ.. කියලා මේ රටේ වහලුන් නොවන බුද්ධිමත් ජනතාව දන්නවා. කොහොමත් මහපාරේ රිලානැටුම් නටන රිලා රැළ වෙනුවෙන් බුලට් කීපයක් වැය කරත්, ඒක මේ රටට කරන යහපතක්. පවතින රජය එසේ නොකළ හේතුව තමයි ඔවුන්ගේ අහේතුව වුනේ... ඒ අතින් ගෝඨාභය මහත්තයා ශ්‍රේෂ්ඨයි...
ජනතාවගේ ගැටළු වැටහෙනවා වැඩිකමට වෙන්න ඇති වතුර ඉල්ලපු ජනතාවට තුවක්කුව පත්තු කෙරුවේ.. සිර මැදිරියේ හිටපු සිර කාරයින්ට වෙඩි තිබ්බේ... රටේ ප්‍රශ්න මාධ්‍යයට දෙනකොට...මේ ප්‍රශ්නවලට කලින් තමුන්ගේ නඩු ප්‍රශ්නවලට මුහුණ දෙන්න. මෝඩයින් ටිකක් උඩ පැන්නට නුවණක්කාරයන් බලන් ඉන්නේ... රණවිරුවන් ජීවිත පුජාකරලා රට බේරාගත්තා. ඒ පහනෙන් එළිය බලනවා..
බයිපාස් සැත්කමක් කල රෝගියෙක්ට මහන්සි වෙන්න හොඳද අපේ හාමුදුරුවනේ ?
විශේෂයෙන් බික්ෂු සංඝයා සත්වයන්ගේ නොපැවැත්ම වෙනුවට පැවැත්මට ලෝභය ඇතිකිරීමට මගපාදන එක මමනම් දකින්නේ අකුසලයක් ලෙසයි .
ඔව් ඔව්, ඒක තමයි අපටත් තියෙන බය අපට මතකයිනේ... වතුර ඉල්ලපු ජනතාවට දුන්නේ වෙඩි උණ්ඩේ, ධීවරයට වෙඩි උණ්ඩේ සමහරුන්ට සුදු වෑන් එක... අම්මෝ අපි නොදන්නාවේ... නැතුව නැතුව.. ආ කාර් රේස් බලන්නත් පුළුවන් හාමුදුරුවන්ට...
ඝෝටාභය මහතාණෙනි, සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයේ විශේෂ අදායම් මාර්ගයකි. ඒ ආදායමෙන් තරු 5 හෝටල් මෙන්ම වෙරලේ පබළු මාල වෙළෙන්දා දක්වා ජනතාවක් ජීවිකාව කර ගනී. එහි ආදායම රැඳී තිබෙන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය අනුවයි. රටට සංචාරකයින් එන්නේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වී ඇත්නම් පමණි. සංචාරකයාව ත්‍රස්තවාදීන්ගෙන් පමණක් නොව ගයිඩ්ගේ සිට ත්‍රීවීලර් කරුවාගෙන්ද ආරක්ෂාකර ගත යුතුව ඇත. ඒ ආරක්ෂාව දීමට මේ රජය අපොහොසත් බව සංචාරකයින්ට ලංකාවට නොයාමට උපදෙස් දීමෙන් ලෝකය පිළිඅරගෙන හමාරයි. එ්බව මාධ්‍ය සාකච්ඡාවක් කළ ෆොන්සේකා මහතා හොඳට පැහැදිලි කළේය. එම කතාවේදී දැනට සිටින ආරක්ෂක ඇමතියන් මුග්ධයින් ලෙස හඳුන්වා දුන් අතර තමන් විසින් තමන්ව ජනාධිපති කරගත් කෙනාව පට්ට ගසන ලදී. ඇමරිකාව ඔබ විසින් රටට ලබාදුන් ආරක්ෂාව පැසසුම් කර ඇත. එමනිසා ඔබ මේ රට ජනාධිපති වී මෙරටට නියම ආරක්ෂාව ලබා දුන්විට සංචාරකයින් පැමිණ මේ රට නැවත සංචාරක ව්‍යාපාරය දියුණුවනු ඇත. එය අපේ ආර්ථිකයේ එක පැත්තක් පමණි. රට සංචාරකයින්ගේ සිත් ගන්නා ලස්සන රටක් කිරීමත් ඔබට කළ හැකි බව ඔබ ඔප්පු කර හමාරයි. අපේ ජනාධිපති වෙන්න...
සැමුවෙල්ගේ විකට මතක් වෙනවා.
දිග ඇදිලා නුල් බඳිනවා. බඳින්න බඳින්න.. මතක තියාගන්න මේ දිග ඇදිලා පිරිත් නූල් ගැට ගසන්නේ අසාධාරණයට විරුද්ධව යුක්තිය වෙනුවෙන් පෙනීසිටින්න ගිහින් අහිමිවූ යුගයකටයි. ප්‍රාතිමෝක්ෂ ශීලයේ හරියට ඇලුණු භික්ෂුවකට නම් මෙවැනි විලම්භීත වැඩවලට සිත දුවන්නේ නැහැ. ඒ සඳහා කාලයකුත් නැහැ.
මෙතන කොළ කණ්ණාඩි වලට ගෝඨා, බියක් තියෙන බව පැහැදිලියි. මෙච්චර රටට අගතිය වෙලත් ආරක්ෂාව ගැන මෙලෝ දැනීමක් නැති අයටම ඡන්දෙ දෙන්න අපේ මිනිස්සු කොතරම් අනුවණද? අනිවාර්යයෙන්ම ගෝඨා දිනනවා. ඒක පැහැදිලියි.
ඔව් ඔව් මොහුට හොඳ වැටහීමක් තියෙනවා. මොහුගේ බලු පැටියා ගේන්න ගුවන් යානාවක් යැව්වා යුරෝපයේ රටකට. අපේ සල්ලි වලින් හොදේ.
මේ පාර එන ජනපතිට කැමති දේවල් කරන්න බලය නෑ. ජනපති බලයෙන් 90% කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පවරලා. 2018 ඔක්තෝබර් 26 දා රනිල් එලෝලා මහින්ද අගමැති කළ වෙලාවේ දුන්නු අධිකරණ තීන්දුවෙන් තමයි මෛත්‍රී කල්ලියටයි, මහින්ද කල්ලියටයි තේරුනේ රනිල් ජනපති බලය පාර්ලිමේන්තුවට පවරලා කියලා. හැබැයි රනිල් දන්නා නිසා එලෙව්වට අගමැති මැදුරෙන් නොගිහින් සටන් කලේ එයා නියම තත්වය දන්නා නිසයි. ඒ ඉතින් එකිනෙකාගේ රාජ්‍යතන්ත්‍ර ඥානයේ තරම තමයි. බලය නැතිබව දැනදැනත් අරවා මේවා කරනවා කියලා ජනපතිකම ඉල්ලන්න කියන්න ඕන දේවල් දන්නෙත් නැතිනිසා වෙන්න ඇති. අද ජනපති අපේක්ෂකයාට කියන්න වෙන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන අණපනත් අනුව ජනපති ලෙස කරන දේවල් හා පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් වැඩකරන හැටි පමණයි. මෙවර ජනපති පත්වෙනකොට පවතින වත්මන් පාර්ලිමේන්තුවට ජනපති බලතල තවත් සීමාකර ජනපති මැතිවරණයත් අහෝසි කරන්න හැකියාව තියනවා 2/3 බලය තිබුණොත්. 2015 ජනවාරි 8දා පටන් ගත් මහා ඒකාධිපති බලයක් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කරවන බුද්ධි ඝෝචර සංක්‍රාන්ති සමයයි තාමත් පවතින්නේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව පක්ෂ විපක්ෂ දේශපාලකයින් කලින් දැන සිටි බව රහසක් නොවේ. එම ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලන වාසිය මේ වනවිට හිමිකරගෙන ඇත්තේ කවුරුන්ද යන බවත් පැහැදිලියි. තත්වය මෙසේ පවතිනවිට, එම ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකර, ප්‍රහාරය සිදුවීමට ඉඩහැර එතුලින් දේශපාලන වාසිය අත්පත් කර ගැනීමට කිසියම් අදෘෂ්ශමාන හස්තයක් ක්‍රියාකර ඇති බවට අපට සැක කළ නොහැකිද? ආරක්ෂක අංශවල සන්නිවේදනය දුෂිත නිලධාරීන් යොදවාගෙන අවහිර කළා විය නොහැකිද? කපටි දේශපාලනයක යෙදෙන මේ හොර කල්ලිය මේ ප්‍රහාරයේ සතුට යටි සිතින් බුක්ති විදිනවා විය නොහැකිද?
මගේ ගුරුතුමා හිට්ලර් ගැනත් මට වැටහීමක් තියෙනවා අපේ හාමුදුරුවනේ..!