(ජයන්ත සමරකෝන්)
ජනතාව ආරක්ෂා කිරීම මිස මැතිවරණ පැවැත්වීම කෙරෙහි රජය ප්රමුඛත්වයක් නොදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද(17) පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද(17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි දින කිහිපය තුළ ඇතිවන තත්වය ගැන සලකා ආරක්ෂක පියවරක් ලෙස නගර වසාදැමීමට වුවද, රජය සූදානම් යැයි ද ඒ මහතා කීය.
මෙම වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ගත යුතු සෑම පියවරක් ම ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුව ප්‍රකාශ කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙවැනි වාතාවරණයක් තුළ මෙම රජය නොතිබුණා නම්, ඇතිවන තත්වය කෙබඳුද යන්න සිතාගත නොහැකි බවද, තත්වය මේ තරම් දුරකට පාලනය කරගත හැකිවූයේ ඒ නිසා බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් හිටු බයිලා නොගහ වෙන රජයක් හිටියත් වෙන්නේ මේ ටිකම තමයි. මැතිවරනෙට මුල් තැන දෙන්නේ නැත්නම් අහවල් එකටද අද නුවරට පොහොට්ටුවේ නාම යෝජනා දුන්නේ. ඔයාලා කියන ඒවා අහන අය ඇති එත් හැමෝම හරක් කියල හිතන්න එපා.
නැවත කියන්න ඕනෑ නැහැනේ අපි දන්නවනේ තමුන්නාසේලා මේ තරම් දහා දුක් විදින්නේ අපි වෙනුවෙන් කියලා. අපිට ගුනේ නැති මිසක්...
පහුගිය මාස තුන හතර පුරාවටම අපේ රට බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. ධාරාණිපාත වර්ෂාව, ගංවතුර ගැලීම, හාල් මිල රුපියල් හැට ගණන්වල සිට, රුපියල් 110, රුපියල් 120 දක්වා ඉහළ ගොස් අන්තිමට රුපියල් 98ට බැසීම,ලොකු ලූනු රතුලූනු, එලවළු සහ බොහෝ පාරිභෝගික ද්‍රව්‍යවල මිල අහස උසට නැගීම, දසදහස් සංඛ්‍යාවකට රැකියා අහිමි වීම… කී නොකී මේ සියල්ලම රටේ ආරක්ෂාව වෙනුවෙන් විඳ දරාගත් අපට ඉදිරියටත් 'රටේ ආරක්ෂාව වෙනුවෙන්' ඕනෑම දුකක් විඳ දරාගන්නට බැරිවෙන එකක් නැහැ ඇමැතිතුමෝ...