IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට සැප්තැම්බරයට පෙර කොවිඩ් එන්නත්

(ඩයනා උදයංගනී)

සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබාදීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදීම මෙම මස 30 වැනිදාට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම මාසයේදී මෙරටට ලැබීමට නියමිත එන්නත් මාත්‍රා කොවිඩ් පැතිර යාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති අතර අනිද්දා (11) ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකෙන් කොළඹ දිස්ත්‍රික්කයට මාත්‍රා ලක්ෂ දෙකක්, ගම්පහ දිස්ත්‍රික්කයට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් ලෙස වෙන්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ ජනාධිපති කාර්යාලයේ දී අද (9) පෙරවරුවේ පැවති හමුවේදීය.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර ඇතැයි කී ජනාධිපතිවරයා මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදිය යුතු බවට සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන්නේය.

එනේම ඉදිරි දෙසතිය තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.47ක් ද ලැබීමට නියමිතය.

ඉන් මාත්‍රා ලක්ෂ හයක් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අය වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර ඇත.

ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට ද මෙහිදී තීරණය වී ඇත.

මේ වන විට සැලකිය යුතු ප්‍රතිශයකට එන්නත්කරණය සිදුව ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

 



අදහස් (3)

ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට සැප්තැම්බරයට පෙර කොවිඩ් එන්නත්

Ruhunu Friday, 09 July 2021 08:30 PM

‘සර්' අර හිරෙන් නිදහස් කරපු කෙනා ගැන වචනයක්වත් කියන්නේ නෑ නේද?

:       2       415

ana Saturday, 10 July 2021 06:41 AM

සෑම තීරණයක්ම ජනාධිපති.., මැර බලය විමධ්‍යගත කිරීමක්. මෙහෙමත් කළමනාකරණයක්...!!! 

:       0       10

යාපා Saturday, 10 July 2021 08:28 AM

ඔය වගේ සැලසුම් සහගත දේවල් කියන්න එපා ජනාධිපතිතුමනි. විපක්ෂ වහල්ලුන්ට ඒවා තේරෙන්නේ නෑ...

:       12       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site