IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජාත්‍යන්තර හෙද දිනය අදයි

ජාත්‍යන්තර හෙද දිනය හා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (12) කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (අයි.ඩී.එච්) රෝහලේදී පැවැත්විණි.

මෙම උත්සවයට බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව වන්නේ “සෞඛ්‍ය ලෝකය පෝෂණය කිරීම” යන්නයි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (12)

ජාත්‍යන්තර හෙද දිනය අදයි

Muhan Tuesday, 12 May 2020 10:47 AM

මෙම වසන්ගත සමය තුළ ඔබ කරන සේවය ඉතා අගය කොට සලකමි. ඔබලාට තෙරුවන් සරණයි.

:       0       0

ravi Tuesday, 12 May 2020 11:37 AM

ස්තුතියි.. ස්තුතියි මුළු හදවතින්ම ස්තුතියි ..!!!

:       0       0

පුජා Tuesday, 12 May 2020 12:00 PM

කොරෝනා වෛරසයෙන්, මුළු ලොවම කම්පා වී බියෙන්, සැකෙන් මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් වී සිටින මෙවන් අති දුෂ්කර කලවකවානුවක, ඔබලා තම ජීවිත පරදුවට තබා කරන උතුම් සේවය, අප සියලු දෙනාම ඉමහත් සේ අගයන්නෙමු. ඔබලා ඇතුළු ලෝකයේ මුළුමහත් හෙද ප්‍රජාවටම නිදුක් නිරෝගී, සුබ ජාත්‍යන්තර හෙද දිනයක් වේවායි සුබ පැතුම් එක් කරන්නෙමු.!!!

:       0       19

Kumar (Gulf) Tuesday, 12 May 2020 01:28 PM

අපි දෙවියන්ට යාඥා කරමු... සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කරන්න කියා...

:       1007       41

Sapumal.Tuesday, 12 May 2020 03:25 PM

සාප කරන අය කරන දේවල් හරියන්නේ නැහැ. මං දැක්කා ලඟදි දවසක එක්තරා දේශපාලන කට්ටියකට සාප කොට තියෙනවා.

:       0       0

හිරාන් Tuesday, 12 May 2020 04:38 PM

ඇත්තටම දිනකට සිමා නැති ඔබේ සේවය විශීෂ්ඨයි ....

:       35       144

විජිත් Tuesday, 12 May 2020 06:46 PM

අපි ඉපදුනදා සිට මිය යනතෙක්ම, අපේ ජිවිත ජිවත් කරන්න... ඒ වගේම මියයමින් තිබෙන ජිවිත නැවතත් ජීවත් කරන්න.., දිවා රෑ නොතකා... යුද බිය නොතකා.. ඔබ ඔබගේ ජීවිතය කැපකිරීම.. කෙසේ නම් අදහන්නද..? නමුත් සත්‍යම කතාව එයයි. මට හිතෙන්නේ බුදු දහමේ කියන විදිහට ඔබ "ආත්ම ගණනක් ..පතාගෙනම "..පැමිණියා වෙන්න ඇති. ජිවිත දහස් ගණනක් සුව කරන්න. මේ ඔබ සැම කරන " සේවාවෙන් " ඔබ ලබන අධ්‍යාත්මික සුවය ලොව ඇති කිසිම සැපතක් හා සමකරන්න හැකිද...? මගේ පිළිතුර නොහැක...!!! යන්නයි. අපේ ජිවිත හෙටත් ජීවත් කරන්නට ඔබගේ අද දවසම කැපකළ උතුම් හෙද සේවයේ නිරත මහත්වරුනේ, මහත්මියනේ ඔබ සැමට මේ ලෝකයේම ආචාරය පමණක් නොව දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවා...!!!

:       0       126

Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 12:45 AM

ෆ්ලොරන්ස් නයිටිංගේල් කියන්නේ පිදියයුතු උතුම් කාන්තා රත්නයක්. දුක්විඳින අසරණ ලෙඩුන් ගැන හදවතින්ම දුකසිතී ඔවුන්ට ප්‍රතිකාර කිරීමට තම මුළු දිවියම කැපකලා. පියාට කියලා රෝහලක් ඉදිකරවා ගත්තා. ලෙඩුන්ට තියෙන කරුණාව අඩුවෙයි කියලා විවාහයක් කරගත්තෙත් නැහැ. එවන් උතුම් පරපුරකින් තමයි හෙද පරපුර පැවත එන්නේ. එහෙත්, මේ රටේ කෙනෙකු මේ උතුම් පරපුරේ ගෞරවය කෙලෙසුවා. ඒ හෙද පරපුර වැඩ වර්ජන වලට යොමු කිරීමෙනුයි. කොහෙවත් ඉන්න අය කියන දේවල් නොකොට තම උතුම් පරපුරේ ගෞරවය රැකගැනීමට හෙද පරපුර සිතට ගැනීම ඉතා වැදගත්..

:       0       80

Chaminda Friday, 15 May 2020 10:26 PM

මෙය චීවර ධාරියෙකු ලෙස වෙනස් විය යුතුය...

:       0       16

ravinSunday, 17 May 2020 06:52 PM

ඔව් හෙද සේවය විනාශ කළා. කොයි වෙලේ හරි කනවා කැවිල්ලක්. අපායටම යන්න. බුදුන් වහන්සේගේ උතුම්වූ චීවරයට අගෞරව කළ මේ අය මුළු රටම විනාශ කළා.

:       0       115

Champa Wednesday, 13 May 2020 01:41 AM

රෝගීන් වෙනුවෙන් ඔබ දක්වන කරුණාව, දයානුකම්පාව සහ කැපවීම ඉහලින්ම අගය කරමි. ඔබ සහ ඔබේ පවුල්වල සැමට අපේ කෘතවේදීත්වය හැමදාම හිමිවේ.

:       0       36

Aris Wednesday, 13 May 2020 09:49 AM

මේ අවස්ථාවේ කිවයුතු දෙයක් තියනවා. ඔබලාගේ සේවය අප ඉතා ඉහලින්ම අගය කරනවා. අපේ හෙද හෙදියන් වෙනත් රටවල රැකියා සඳහා යවන්න දේශපාලකයන් ගන්න තීන්දුතීරණ වලට ඔබලා එකඟ වෙන්න එපා. මම මෙහෙම කියන්නේ එක වරක් ලිබියාවට හෙදියන් අරින්න කතා කළා. එ්ත් එක්කම එහෙ යුද්දේ ඇති වුණා. පසුගිය කාලේ යුරෝප් රටක හෙද ඇබෑර්තු ගැනමයි කතා කලේ. එදා ඒ රටට රැකියා සඳහා ඇරලා තිබුණා නම් අද ඇතිවන තත්වය කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 412 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 582 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site