(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව එම මධ්‍යස්ථානය පවසයි.
පැහැදිලි අහසක් තිබේ නම් අද (14) පස්වරු 6.46ට පමණ ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම එය දිස්වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මිනිසා විසින් නිර්මාණය කරනු ලැබ, පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපිත කර ඇති විශාලතම වස්තුව ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සැලකෙන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර 408 ක් ඉහළින් පිහිටා තිබේ.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 1998 වසරේදී ස්ථාපිත කළ අතර වරකට විද්‍යාඥයින් 6 දෙනෙකුට එහි පරීක්ෂණවල නිරත විය හැක.
මීට පෙර 2017 වසරේදීද ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාව උදාවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා...... වේලපහින්නේ කියන්න තිබුනේ. අර අපේ කොල්ලටයි කෙල්ලටයි කියලා 225 ක් දාන්න පුළුවන් රොකට් එකක් හදලා තියාගන්න තිබුනනේ. හරි වෙලාවට දියවන්නාවේ ඉන්න කට්ටිය බලෙන්ම තල්ලු කරලා ඇරියානම් වියදමට වඩා වැඩියෙන් කෙටි කාලින හා දිගු කාලින ඉතිරිය. ඒ විතරක්ද සියලු ලක්වාසීන්ට හා ලෝවාසින්ට සැනසිල්ලේ ඉන්න තිබුනා.
මාසයකට දෙකකට වතාවක් මෙය අපට බලන්නපුළුවන් සාමාන්‍ය දෙයක් ඔය පින්තුරේ විදිහටනම් පෙන්නේ නැහැ ගමන් කරන තාරකාවක් වගෙ තමා පෙන්නේ
කුමණ ක්ෂිතිජයේද? අංශක කීයක් ඉහළින්ද?