(අංජුල මහික වීරරත්න)
ජාතික සිනමා දිනය ලෙස හෙට (05) වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම නම්කිරීම කරන බවද අමාත්‍යවරයා පැවසීය.
සෑම වසරම අප්‍රේල් 05වැනිදා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මේවනවිටත් නිකුත් තර තිබෙන බව කී අමාත්‍යවරයා ඒ අනුව පළමු සිනමා දිනය හෙට(05) පෙරවරුවේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද සඳහන් කළේය.
දේශීය සිනමාව වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කළ අමිල සේවය අගයමින් මෙම සිනමා දිනය නම් කළ බවත් ලෙස්ටර් නමින් කෞතුකාගාරයක්, පුස්තකාලයක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ හෙට(05) විවෘත කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය.
රුපියල් ලක්ෂ 150ක් වැයකර මෙම කෞතුකාගාරය ඉදිකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රස්සාව හම්බවෙන්න කලින් බයිස්කෝප් එකක්වත් බලල තියෙනවද දන්නේ නැහැ.
අපට තිබුන එකම අඩුව සිනමාව වෙනුවෙන් දිනයක් නැතිකම. ඒ අඩුපාඩුව නැතිකරපු මෙතුමාට පින්
ඒ කියන්නේ ජනතා මුදලින් උත්සවයක් තියලා අවුරුද්දකට වතාවක් මුණ පුම්බගන්න තවත් දවසක් එකතු වුනා???
ජාතික සිනමා දිනයක් කළාට ලංකාවේ සිනමාව දියුණු වෙනවාද? කළ යුත්තේ සිනමා වලට ගැනීමට අවශ්‍ය දේවල් මිසක් උත්සව පාටිම නොවේ..
කාසි කබල් චිත්‍රපට පිටරටව වලින් ගෙන්නලා පෙන්නන අතරේ කොහොමද දේශීය සිනමාවක් ගොඩ නඟන්නේ? අපට මතකයි නිහාල්සිංහ මැතිතුමා චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වෙලා හිටපු කාලයේ නීතියක් ගෙනාවා ලංකාවේ සියලුන සිනමා ශාලාවල " දේශීය චිත්‍රපට" එක වතාවක් හෝ ප්‍රදර්ශනය කලයුතුයි කියල. ඒ වගේම එතුමා දුර දක්නා නුවනින් කල්පනා කර එක අවුරුද්දකට ආනයනය කල හැකි විදේශීය චිත්‍රපට ගණන සීමා කළා. ඒකාලයේ හින්දි චිත්‍රපට වසරකට ආනයනය කලේ 3ක් පමණයි. දෙමල චිත්‍රපට පවා සිමා කළා. ගෙනාපු ඒවා පැල් බැඳගෙන දිව්වා. " ගීත්" කියන හින්දි චිත්‍රපටයේ එකම පිටපත ක්‍රවුන් සිනමාහලේ වසර 3 ක් දවසට හතර වාරයක් ගන්නේ ප්‍රදර්ශනය කළා. ඒක වෙනම කතාවක්. නමුත් ලංකාවේ හැදුන හොඳම සිංහල චිත්‍රපට බොහොමයක් නිර්මාණය කෙරුනේ ඒ කාලය තුලයි. අද රුපවාහිනිය අන්තර් ජාලය වගේ දේවල් නිසාත් සිනමා කර්මාන්තයට බලපෑම් එල්ලවී තිබෙනවා. මේනිසා ලංකාවේ චිත්‍රපට ලෝක වෙළඳපොල වෙත බැරිනම් අඩුම ගන්නේ ආසියානු හෝ අප්‍රිකානු රටවල් වෙත හෝ විකිණිය හැකි අන්දමට නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමුකළයුතු වෙනවා. දිනයක් වෙන් කරලා උත්සව තියල කැවුම් කිරිබත් කාල විසිරි ගියාට වැඩක් වෙන්නේ නැහැ.
සිරිමල් මට එකක් දෙකක් කියන්න බලලා නැතිනම් හොයාගෙන බලන්නම්. හැබැයි රේකාව ගැන කියන්න එපා අතාත්වික තැන බොහොමයක් තිබෙනවා මතකයි. අපේ සිංහල රඟපාන ගෙදර වැඩ ඉන්න ගැහැණියත් අලුත් ඇඳුම් අන්දලා නේද ඉන්නේ? හොලිවුඩ් චිත්‍රපටිවල රඟපාන නළුනිළියන්ට ඒ චරිත සම්බන්දව විශේෂ පුහුණුවක් දෙනබව "ගෝඩ් ෆාදර්" චිත්‍රපටිය බැලුවානම් මතක්වේවි. නැතිනම් ජැකී කොලින්ස්ගේ " හොලිවුඩ් වයිව්ස්" පොත කියවන්න. එතකොට තේරේවි අපි කොතනද ඉන්නේ කියලා.