
(රොමේෂ් මධුෂංඛ)
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකවරු විරෝධය පළ කරමින් සිටිති.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාද ආසන මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයෙන් එම පක්ෂයට තරඟ කොට පරාජය වූ තවරාසා කලෙයි අරසන් නැමත්තා නම් කර ඇති බවට පක්ෂ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් මහතා මාධ්‍යට පැවසීමත් සමග එම මන්ත්‍රී ධූරය දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා බහුතර බලය හිමි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලැබිය යුතු යැයි හවුල්කාර පක්ෂ නායකයින් විසින් පවසා සිටීම හේතුවෙන් මෙම මත ගැටුම ඇතිව තිබේ.
මාවේයි සේනාධිරාජා මහතා මෙවර මහමැතිවරණයේදී යාපනය දිස්ත්‍රීක්කයේ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානය ලබා ගත් අතර මනාප ලැයිස්තුවේ පළමු, දෙවන හා තුන්වන ස්ථාන වෙනුවෙන් මන්ත්‍රී ආසන හිමි විය. මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වූ ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා මෙසේ පවසා සිටියේය.
‘‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ආර්.සම්බන්ධන් මහත්තයා මේ වෙනකම් අපිත් එක්ක කතා කලේ නැහැ සාමාන්‍ය සිරිතක් විදිහට මේ වගේ දෙයක් දුරකතනයෙන් හරි සම්බන්ධ වෙලා අපෙන් අහනවා මේ වගේ බරපතල කාරණාවක් පිළිබඳව අත්තනොමතිකව තීරණයක් ගන්න සම්බන්ධන් මහත්තයට කිසිම අයිතියක් නැහැ.
එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නියෝජ්‍ය නායක සී.වී.කේ.සිවඥානම් මහතාද පවසා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලබා දීමට වහාම පියවර ගත යුතු බවටය.
එමෙන්ම දෙමළ ජාතක සන්ධානයේ අනෙක් හවුල්කාර පක්ෂය වූ ප්ලොට් පක්ෂ නායක ටී.සිද්ධාර්තන් මහතාද පවසා සිටියේ,
‘‘මේ වගේ තීරණයක් ගන්න ඕන ප්‍රධාන හවුල්කාර පක්ෂ තුනම එකතු වෙලා නමුත් ඔනුගේ පක්ෂයේ නායක තුමා දන්නෙ නැතව තමයි මහලේකම් තුමා විසින් මේ තීරණය අරගෙන තියෙන්නේ මම මේ ගැන සම්බන්ධන් මහත්තයට දුරකතනයෙන් කතා කරලා දැනුම් දුන්නා අපේ පක්ෂයේ ස්ථාවරය අනුව මේ ආසනය හිමි විය යුත්තේ මාවෙයි සේනාධිරාජා මහතාටයි. යනුවෙනි.
මේ අතර මැතිවරණයට පෙර ආර්.සම්බන්ධන් මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ත්‍රීකුණාමලයට ලබා දීමට පාක්ෂිකයින්ට පොරොන්දු වීම නිසාවෙන් මේ දිනවල ත්‍රීකුණාමලය දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලය ඉදිරිපටද පාක්ෂිකයින්ගෙන් දැඩි විරෝධය එල්ල වී ඇත.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන ටී.එන්.ඒ. නායකයින් අතර ගැටුමක්