IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක්

(බිඟුන් මේනක ගමගේ) 

ජාතික රුපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයේ ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ඊට නව සභාපතිවරයකු පත්කිරීමත් සමග ආයතන අභ්‍යන්තරයෙහි විශාල අර්බුදයක් හටගෙන ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ජාතික රූපවාහිනි සංස්ථාවේ හිටපු නිෂ්පාදකවරයකු වන කැළුම් පාලිත මහිරත්න මහතා මෙසේ නව සභාපති හැටියට ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පත්කරනු ලැබ ඇතත් ඉනෝකා සත්‍යාංගනී මහත්මිය එම පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් සභාපති තනතුරෙහි දිගටම කටයුතු කරමින් සිටින්නේ යැයි ද එම නිෂ්පාදකවරයා කීය.

මේ ගැන විමසීමට ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඇය සහභාගී වී සිටි බැවින් එය සාර්ථක වූයේ නැත.

කැළුම් පාලිත මහිරත්න මහතාගේ දුරකථන අංකයෙන් ප්‍රතිචාරයක් නොවීය. 

නව සභාපතිවරයා වශයෙන් පත්කළ කැළුම් පාලිත මහීරත්න මහතා පසුගිය 6 වැනිදා උදෑසන ද වැඩ බාර ගැනීමට රුපවාහිනී සංස්ථාවට ගොස් ඇති නමුත් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ද දිවා කාලයේ පැමිණ තම නිල කාර්යාලයෙහි සිට රාජකාරි කටයුතු සිදුකර ඇත.

පසුගිය ජූලි මාසයේදී සංජීව විජේගුණවර්ධන මහතා ද රූපවාහිනී සංස්ථාවේ සභාපති හැටියට පත්කිරීමට ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කටයුතු කළ ද එම අවස්ථාවේදී ද ඉනෝකා සත්‍යාංගනී මහත්මිය නව සභාපතිවරයාගේ පත්කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙවැනිම තත්ත්වයක් නිර්මාණය විය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරු කීප දෙනෙක්ම යහපාලන ආණ්ඩුව සකසා ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව වත්මන් සභාපතිනිය ඉවත් කල යුත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයකින් යැයි පැවසූහ.

කැළුම් පාලිත මහිරත්න මහතාගේ මීට පෙර සිය ආයතනයේ නිෂ්පාදකවරයකු හැටියට කටයුතු කළ ද එල්ල වූ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් මත සිදුකළ විනය පරීක්ෂණයකින් තනතුර අහිමි කළ අයකු බැවින් එවැනි අයකු සභාපති තනතුරට පත්කිරීම ගැන කිසිසේත් එකඟ විය නොහැකි යැයි ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

 



අදහස් (6)

ජාතික රූපවාහිනියට සභාපතිවරු දෙන්නෙක්

alwis Monday, 09 September 2019 07:39 PM

රාජ්‍ය ආයතනයක් හරියට පාලනය කරගන්න බැරි මිනිස්සු කොහොමද රටක් පාලනය කරගන්නේ? .

:       0       1

CHANDIMA Monday, 09 September 2019 11:47 PM

අනේ ඔය සත්යන්ගනිට අර ආචාර්යතුමා රුපවාහිනියට අපු දවසේ චයරුප ටිකක් පෙන්නන්නකො. එතකොට යයි.

:       0       0

රවින් Tuesday, 10 September 2019 02:40 AM

පෙනෙන විදියටනම් මුල් පුටු ඔක්කොම අනික් පැත්ත පෙරලිය යුතුයි. මෑත අතීතයේ සිට දුශිතයන්ගේ නිජබිමක් වගේ.

:       0       3

ශානිකා Tuesday, 10 September 2019 06:55 AM

කැළුම් පාලිත කොහොමද රූපවාහිනියේ සභාපති වෙන්නේ. හොරකම් කරලා 2000 ගෙදර ගියානේ..ඉතුරු ටිකත් කන්නද මෙහෙම පත් කරන්නේ...

:       0       20

sandy123 Tuesday, 10 September 2019 09:06 AM

අගමැතිවරු දෙදෙනෙක්, විපක්ෂ නායකවරු දෙදෙනෙක් හිටපු අපිට සභාපතිවරු දෙන්නෙක් මොන කජ්ජක්ද?

:       0       0

sandy123 Tuesday, 10 September 2019 03:10 PM

අගමැතිවරු දෙදෙනෙක්, විපක්ෂ නායකවරු දෙදෙනෙක් හිටපු අපිට සභාපතිවරු දෙන්නෙක් මොන කජ්ජක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site