IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජාතික පාසල් 1000 ක් ඇති කරන්න යයි

 

(ඩයනා උදයංගනී)

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 1000 ක් ඇති කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙහි පළමු අදියර යටතේ දැනට කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසල බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

දෙවන අදියර යටතේ තවත් පාසල් 673 ක් තෝරාගෙන සංවර්ධනය කිරීමටත්, තෙවන අදියර යටතේ දැනට පවතින ජාතික පාසල් 373 තවදුරටත් සංවර්ධනය කිරීමටත් නියමිත බවද ඇමතිවරයා කීවේය.  

මීට අමතරව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ගම්මන්පිල මහතා පැවසීය.  

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි තර්ජන ආදිය සම්බන්ධයෙන් පර්‍යේෂණ කරමින් අධ්‍යයනය කිරීම මෙහි අරමුණ බවද ඇමතිවරයා කීවේය.



අදහස් (3)

ජාතික පාසල් 1000 ක් ඇති කරන්න යයි

මාතර සත්‍යපාල Tuesday, 08 December 2020 02:12 PM

ලංකාවේ හැම පාසලක්ම ජාතික පාසල් කරන්න. එතකොට ගැටලුවක් නැහැ. එතකොටවත් ළඟම පාසල, හොඳම පාසල කියන කථාව වෙනස් කරලා, හොඳම පාසල ළඟම පාසල කියලා පිළිගනීවි. පාසල් දහසේ ව්‍යාපෘතියත් සාර්ථක වේවි. ගැටලුවක් නැහැනේ.

:       0       0

rk Wednesday, 09 December 2020 04:50 AM

වසර 5 කට පසු කවුරුහරි ගම්මන්පිලා ඇමතිවරයාගෙන් ජාතික පාසල් බවට පරිවර්තනය කළ පාසල් කීයක්ද? කියලා අහන්න අමතක කරන්න එපා යාලුවනේ මතක තියාගන්න.

:       0       0

Rata Perata Wednesday, 09 December 2020 07:30 AM

මෙන්න ආයෙත් තප්පුලන්න පටන් අරන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 272 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site