(රංජන් කස්තුරි)
ජාතික පාසල්වල සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි බාර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරිනියක් පත් කර තිබේ.
දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම, චක්‍රලේඛවලට පටහැනිව භාණ්ඩ ආදිය ලබාගැනීම සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් එම නිලධාරිනියට පැමිණිලි කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික පාසල් සම්බන්ධ එම පැමිණිලි කේ. ජී. සී. මහේෂිකා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ජාතික පාසල් ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලිඛිතව දැනුම්දිය හැකිය.
COMMENTS
මා දන්නා තරමින් නිලධාරින් නීති විරෝධිව හා අත්තනෝමතිකව වැඩ කරන එකම අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයයි. ඒ තත්වය අනුව මේකට මහජන මුදල් වැය කර ඇමතිවරයකු හෝ නඩත්තු නොකළ යුතුයි. මොවුන් එතරම්ම මහජන පැමිණිලි නොසලකා හරිනවා. ඒ තත්වය ර /බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල තුලින්ම ගෙනහැර දැක්විය හැකියි. (1)ළමා අපයෝජන චෝදනා ලත් ආර්ථික විද්‍යා උප ගුරුවරියකට සහකාර විදුහල්පති තනතුරක් ලබාදී කාර්යාලයේ රඳවා ඇයගේ පුරප්පාඩුව නිසාම වාණිජ අංශයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති වසා දැමීම. (2 ) ළමා අපයෝජන චෝදනා ලත් ගණිත උප ගුරු වරයකුටද සහකාර විදුහල්පති තනතුරක් ලබා දීම. (3 ) උපගුරුවරයකුට හා ඔහුගේ භාර්යාවට පාසල තුල පොත් හලක් පවත්වා ගෙන යාමට අවස්තාව සැලසීම. (4) .අවම සේවා කාලයක් සහිත ගුරුවරුන් මාරු කර වසර 20 ,25 වූ ගුරුවරුන් පාසලේ රැඳවීම. (5 )පාසල තුල 2017 වර්ෂයේදී සිසුන් ලවා උද්ගෝෂණයක් කරවා බරපතල ළමා අපයෝජනයක් සිදු කල ගුරු වරුන් 10 දෙනෙකු සම්බන්ධව මුලික විමර්ශනයක් හෝ සිදු නොකිරීම. (6 )2016 වර්ෂයේදී පාසල තුල මහා පරිමාන වෙසක් කාඩ් පත් වංචාවක් සිදු කල නියෝජ්‍ය විදුහල්පතිනිය සම්බන්ධව මුනිවත රැකීම.
මහනුවර පළාත් අධ්‍යාපන කාර්‍යාලයට අයත් මහනුවර අධ්‍යාපන කලාපයේ ජාතික පාසලක සේවය කරන මා පළාත් පාලන මැතිවරණය සඳහා අයදුම්කර ඇති අපේක්ෂිකාවකි. මේ වන තෙක්ම අපගේ නිවාඩු අනුමත කිරීමේ ලිපිය ද වැටුප් අනුමත කරන ලිපිය ද ලබාදී නොමැත. ඒ පිලිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
අනුරාධපුර තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් මෙම පාසලේ 2-B කුඩා ලමුන් ඉගන ගන්න පන්තියට දැනට මාස 2 1/2 සිට ගුරුවරයෙකු නොමැත එම දරුවන් මොනවද ඉගනගන්න මෙි වනතුරු අඩුපාඩුව සකසා ගැකීමට පාසැලේ කාර්ය මන්ඩලය අපොහොසත්වී ඇත විදුහල්පතිි තුමිය දැනුවත් කලත් එතුමිය පවසන්නේ අනුරාධපුර ආන්ඩුකාරතුමා හමුවීමට දෙමවුපියන්ට යනලෙස .අනුරාධපුර කියන්න දුස්කර පලාතකි හරි අමාරුවෙන් දරුවන් පාසැල වෙත යවන දෙමාපිවන්ද වැඩි පිරිසක් සිටිතිි මෙවැනි දරුවන්ට පාසල් අධ්‍යාපනය හැදැරීමට සහයෝගය දක්වන මෙය අධ්‍යපන අමාත්යාංශයේ අවදානය පිනිස හැකි ඉක්මනින් නිරාකරණය කරදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
අනුරාධපුර තඔුත්තේගම කලාපයට අයත් නබඩවරව විද්‍යාලය ගල්නෑව පාර, එප්පාවල මෙම පාසැලේ 2=B පන්තිය සදහා ගුරුවරයෙකු නොමැතිව මාස 2 1/2 ගතවී ඇත මෙම දරුවන්ගේ අධ්‍යාපන මොකද වෙන්නෙ විදුහල්පතිනිය දැනුවත් කලත් එතුමිය පවසන්නේ අනුරාධපුර ආන්ඩුකාරතුමා හමුවිමට දෙමාපියන්ට යන ලෙසය මෙය කඩිනමින් විසදාදෙන මෙන් ඉතා කාරුණීකව දරුවන් වෙනුවෙන් ඉල්ලා සිටිමි.
ගරු මහත්මයාණෙනි, මගේ දරුවා ඉගෙනුම ලබන්නේ කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේය. 10 වසර ඉගෙනුම ලබන අතර 9 වසරෙන් 10 වසරට සමත් කරන විට A.B.C.D.E. යනුවෙන් පන්ති පහක් ඇත. හොඳට වැඩ පුළුවන් දරුවන් D.E. පන්ති වලටත් අනිත් ළමයි A.B.C. පන්ති වලටත් වෙන්කර දැම්මේය. එය කොහොම නමුත් දරුවන්ට නියමිත කාල සටහනට මේ වෙනකන් උගන්වන්නේ නැත. දවසකට විෂයන් දෙක තුනක් උගන්වන්නේ නැත. දෙවන වාර විභාගය තියා අවසන් කරත් ඒ වෙනකනුත් දෙවැනි වාරයට අදාල පාඩම් උගන්වා නොතිබුණි. මෙහෙම දිගටම කරගෙන ගියොත් අවසාන වාර විභාගයටත් ළමයින්ට ප්‍රශ්න පත්‍රය අතට අරගෙන උඩ බලන් ඉන්න වෙනවා. ඔබතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ගැන සොයාබලා සාධාරණයක් කරන ලෙසයි...
කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ තීන්ත ගෑම සඳහාද දරුවන්ගෙන් රු 500 මුදලක් අය කරන බව පවසමින් එය රැගෙන ඒම අනිවාර්ය කොට ඇත. සිසුන්ගෙන් මුදල් අය කරගත නොහැකි යැයි පැවසුවද මෙම පාසල් එය අනුහමනය නොකරයි. මෙයින් දෙමාපියන් බොහෝ අපහසුතාවයට ලක්වේ. මේ ගැන සලකා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මට තියෙනවා පැමිණිල්ලක් කරන්න..
ඉහත නම ලිපිනය සදහන් වන මාගේ N P ලෙලනි විදුරි නිහිංසා දියනිය 2025 ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු 155 ක් ලබාගෙන ඇතිමුත් මාතර ශාන්ත තෝමස් උසස් බාළිකා විද්‍යාලයට ළමුන් ඇතුළත් කරගැනිමට කඩඉම් ලකුණු 156 ක් වියයුතු බව සදහන්කර ඇත. මේ නිසා මමත් මගේ දියනියත් මානසිකව වැටි ඇත කරුණාකර ඔබ තුමියගේ අවධානය යොමුකර ඉහත නම සදහන් විද්‍යාලයට දියනිය ඇතුලත් කර ගැනිමට කටයුතු සලසා දෙනමෙන් කාරුණිකව ඹබ තුමියගෙන් ඉල්ලා සිටිමි (විභාග අංකය 2058767)