ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ. මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් චරිත හේරත් මහතා වැඩිදුරත් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව සම්බ්න්ධයෙන් පැවැති කෝප් කාරක සභා රැස්වීමට මහින්ද අමරවීර, ආචාර්ය සරත් වීරසේකර යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම් යන මහත්වරුද සභභාගී වූහ.
2012 වසරේ සිට 2018 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද මුළු ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.8 කි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 184,300.9 ක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වී තිබිණ.
ආනයනික දත්ත විශ්ලේෂණයේදී 2012 වසරේ සිට 2017 වසර දක්වා ආනයනික ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බවත්, 2017 වසරේදී පෙර වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ආනයන ප්‍රමාණයක් පවතින අතරම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමාන ආනයන ප්‍රමාණයන් රටට නොදැරිය හැකි මට්ටමක පවතී.
දැනට වෙළඳ පොලෙහි පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් සකසා නොමැති අතර, විකුණුම් මිලක් ද පනවා නොමැත. එහෙයින් ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යාවශ්‍ය බවද කෝප් කාරක සභාව අවධාරණය කර තිබේ.
මේ අතර පොලිතීන් නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය අධෛර්‍ය කිරීම, පරිසර හිතකාමි ආදේශන නිශ්පාදනයන් පාරිභෝගිකයන්ට ලබා දීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබේ.
වැටලීම් සඳහා සිදු කරන නීතිමය කාර්‍යභාරයන් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සැකසීමට පියවර ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම අධිකාරියට පැවසීය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ
විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත
වතුකරයේ තෝරාගත් පාසල්වලට ’’ස්මාර්ට් පන්තිකාමර 60’’ ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍ර
රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට න
ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ සිදු කළ සිව් දින නිල සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) රාත්‍රීයේ පැමිණියේය .
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජාතික පාරිසරික පනත සංශෝධනය කරන්න
Raveendra Thursday, 11 March 2021 11:10 AM
ඇත්තෙන්ම පරිසරය සුරැකීමට පනත් මගින් ක්‍රියාකිරීම යනු අප මොනතරම් පහත් පුරවැසියන් සමූහයක්ද යන්න කිව යුතුමයි. පරිසරය රැකීම, පරිසරයට හානිවන අපද්‍රව්‍ය මුදා හැරීම වැළැක්වීමට නීති මගින් කටයුතු කිරීමට තරමටම අප සියල්ලන්ම මෝඩයින් වීම කණගාටුවකි. ඈත අතීතයේ අපේ මුතුන්මිත්තන් පරිසරය රැක්කේ නීති සම්මත කර ගෙනද? නොගෙනද? යන්න අප කව්රුත් දන්නා කරුණකි. ඔවුන් විසින් පරිසර අනාගත පරපුර වෙනුවෙන් එනම් අප වෙනුවෙන් හොඳින් රැගත් නිසා අද අපි එකිනෙකාට දොස් පවරමින් කා මරා ගනිමින් බඩගෝස්තරය රැකගැනුම වෙනුවෙන්ම පරිසරය අමු අමුවේ විනාශ කරන්නේ අපගේ අනාගත පරපුරට පරිසරය කිසිසේත්ම අවශ්‍ය නොවෙන බව තීරණය කරගෙන දැයි යන මෝඩ සිතුවිල්ලෙන් බව ස්ථිරයි. පරිසරයට ආදරය කරන මිනිසුන්ව පරිසරය විසින්ම ආරක්ෂා කරන බව අප සැවොම දන්නා කරුණකි. පරිසරයට ආදරය කරන මිනිසුන් බිහි වෙන්නේද ඒ ඒ අය උපන් වටපිටාව මෙන්ම ඉගෙනගත් පාසලෙන් බවත් කිව යුතුය.