ශාන්ත රත්නායක
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
අද(26) සහ හෙට(27) යන දෙදින තුළ කම්කරු නීති සම්මේලනය පැවැත්වේ. නීතීඥවරු ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු ද, අධිකරණ නිලධාරීහු ද, සිවිල් සමාජ ක්‍රියකාරීහු ද, ව්‍යාපාරිකයෝ සහ රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීහු ද මේ සඳහා සහභාගී වෙති.
මානව හිමිකම්, කම්කරු නීතිය, ලෝක ආර්ථික ප්‍රවණතා, දේශීය හා විදේශීය, කම්කරු නීති තත්වයන් පිළිබඳව සම්මේලනයේදී අවධානයට ලක් වෙයි.
මෙහි සාරම්භක අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඇතුළු නීතිඥයෝද විශ්ව විද්‍යාල ආචාර්යවරු ද, අධිකරණ නිලධාරීහු ද එක්ව සිටියහ.



COMMENTS
හොර ඇමැතිලා කියනවා, ආණ්ඩුවක් නැහැ කියනවා, අපි තමයි ඇමතිලා කියනවා.. අනේ මන්දා මොන විකාර රටක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට තිබුනේ ආණ්ඩුව විසිරෙව්වට නෙමෙයි. අලුත් ආණ්ඩුවක් හැදුවට විරුද්ධව උසාවි යන්ට... එහෙම වුණානම් උසාවියෙන් එම තීන්දුවට විරුද්ධව තහනම් නියෝගයක් ගත්තා නම් අදටත් රනිල් අගමැති. හොර පෙරකදෝරුවන්ගෙන් නීති උපදෙස් අරන් අද මහින්දත්, රනිලුත්, මෛත්‍රීත් අමාරු වැටිලා ඉන්නේ. මේ කට්ටිය අමාරුවේ වැටුණත් කමක් නැහැ... අද මුළුරටම අමාරුවේ වැටිලා ඉන්නේ....
මේ ගොල්ල ජාත්‍යන්තර කම්කරු නීති ගැන කතා කරනවා. හැබැයි, රටේ කම්කරු නීති විතරක් නෙමෙයි, සමස්ත නීති පද්ධතියම බල්ලට ගිහින්. නීතියේ ආධිපත්‍යය ගැන කතා කරනවා, හැබැයි පුද්ගල ආධිපත්‍යය, බල ආධිපත්‍යය සහ මුදලේ ආධිපත්‍යය හැර වෙන දේකට ඉඩක් නැහැ. පුද්ගලයා වෙනුවෙන් නීතිය නවන එක එදිනෙදා දෙයක් බවට පත්වෙලා. කොටින්ම පුද්ගලයන්ගේ මනස්ගාත අනුව අපේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා නවනවා. කටින් බතල හිටවන්න නම් අපේ නායකකාරකාදීන් වගේ හපන්නු ටිකක් මුළු ලෝකෙම නැතුව ඇති.
මේවා නිත්‍යනුකූලද ......?