IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික කම්කරු නීති සමුළුව ඇරඹේ

ශාන්ත රත්නායක

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 

අද(26) සහ හෙට(27) යන දෙදින තුළ කම්කරු නීති සම්මේලනය පැවැත්වේ. නීතීඥවරු ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු ද, අධිකරණ නිලධාරීහු ද, සිවිල් සමාජ ක්‍රියකාරීහු ද, ව්‍යාපාරිකයෝ සහ රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීහු ද මේ සඳහා සහභාගී වෙති.

මානව හිමිකම්, කම්කරු නීතිය, ලෝක ආර්ථික ප්‍රවණතා, දේශීය හා විදේශීය, කම්කරු නීති තත්වයන් පිළිබඳව සම්මේලනයේදී අවධානයට ලක් වෙයි.

මෙහි සාරම්භක අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය මහතා ඇතුළු නීතිඥයෝද  විශ්ව විද්‍යාල ආචාර්යවරු ද, අධිකරණ නිලධාරීහු ද එක්ව සිටියහ.



අදහස් (3)

ජාතික කම්කරු නීති සමුළුව ඇරඹේ

gunarathna Monday, 26 November 2018 11:09 AM

හොර ඇමැතිලා කියනවා, ආණ්ඩුවක් නැහැ කියනවා, අපි තමයි ඇමතිලා කියනවා.. අනේ මන්දා මොන විකාර රටක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට තිබුනේ ආණ්ඩුව විසිරෙව්වට නෙමෙයි. අලුත් ආණ්ඩුවක් හැදුවට විරුද්ධව උසාවි යන්ට... එහෙම වුණානම් උසාවියෙන් එම තීන්දුවට විරුද්ධව තහනම් නියෝගයක් ගත්තා නම් අදටත් රනිල් අගමැති. හොර පෙරකදෝරුවන්ගෙන් නීති උපදෙස් අරන් අද මහින්දත්, රනිලුත්, මෛත්‍රීත් අමාරු වැටිලා ඉන්නේ. මේ කට්ටිය අමාරුවේ වැටුණත් කමක් නැහැ... අද මුළුරටම අමාරුවේ වැටිලා ඉන්නේ....

:       45       65

Mahee Tuesday, 27 November 2018 04:08 AM

මේ ගොල්ල ජාත්‍යන්තර කම්කරු නීති ගැන කතා කරනවා. හැබැයි, රටේ කම්කරු නීති විතරක් නෙමෙයි, සමස්ත නීති පද්ධතියම බල්ලට ගිහින්. නීතියේ ආධිපත්‍යය ගැන කතා කරනවා, හැබැයි පුද්ගල ආධිපත්‍යය, බල ආධිපත්‍යය සහ මුදලේ ආධිපත්‍යය හැර වෙන දේකට ඉඩක් නැහැ. පුද්ගලයා වෙනුවෙන් නීතිය නවන එක එදිනෙදා දෙයක් බවට පත්වෙලා. කොටින්ම පුද්ගලයන්ගේ මනස්ගාත අනුව අපේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා නවනවා. කටින් බතල හිටවන්න නම් අපේ නායකකාරකාදීන් වගේ හපන්නු ටිකක් මුළු ලෝකෙම නැතුව ඇති.

:       0       20

jagath Wednesday, 28 November 2018 08:03 AM

මේවා නිත්‍යනුකූලද ......?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 111 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site