IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවෙන් නව නීති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව එළඹෙන අගෝස්තු මාසයේදී පළමුවැනි පාර්ලිමේන්තු සතියේදී නව නීති විශාල ප්‍රමාණයක් සහිත සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පැවසීය.
 
ඉකුත් පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයත් සමග එක රටකට පොදු නීතියක් අවශ්‍ය බව ලාංකේය මතයක් ගොඩනැගුණු හෙයින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පිහිටවූ බව සභාපතිවරයා පැවසීය.
 
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් යෝජනාවලියක් බාරදුන් බවද එම යෝජනාවල මූලික යෝජනා 11ක් තිබූ බවද සභාපතිවරයා කීය. 
 
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා කමිටු රැස්වීම් 15කට අධික ප්‍රමාණයක් පැවැත්වූ බවත් සමස්ත රැස්වීම් මාලාව විසින් ගොඩනගන ලද නව නීති විශාල ප්‍රමාණයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.
 
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම යෝජනා 11ට අමතරව විවිධ පාර්ශ්ව හා සමාජ කණ්ඩායම් එම කමිටුව වෙත ඉදිරිපත් කළ යෝජනා එකතු කර අලුතින් නීති ගණනාවක් පැනවීමට නිර්දේශ කර ඇතැයිද ආරක්ෂක අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යාංශය, විදුලි සන්දේශ නියාමන කොමිසම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් සහ විවිධ ආයතනවලට අයත් 50,000කට වැඩි ප්‍රමාණයක් මේ යටතේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවෙන් නව නීති

Bamunuarachchi Monday, 15 July 2019 03:49 AM

බැංකු හොරකම ගැන පත්කළ ජනාධිපති කොමිසමටවත් නීති ගෙනෙන්න බැරිඋනා. ජනාධිපති අමාරුවේ හෙලන්න බලාගෙන ගෙනා එක පාක්ෂික අධීක්ෂණ කමිටුවෙන් කොහොමද නීති ගෙනෙනෙ?

:       79       6

Aris Tuesday, 16 July 2019 09:01 AM

අගය කලයුතු හොද වැඩක්, ඒ වගේම ඔය නීති ගොන්නට දික්කසාදය පහසු කරලත් නීතියක් ඇතුලත් කරන්න. එක් අයෙකුගේ කැමැත්ත අනුව දික්කසාදය ලබා ගැනීමට හැකිවන පරිදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site