ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුවිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම උපදෙස් දුන්නේය.
පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගනිමින් විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබේ.
අවසර නොලත් ගල් වලවල් සහ මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.
පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු ආයතන විධිමත් සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.
නව ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතනවල අදහස් සහ යෝජනා ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, පුපුරණ ද්‍රව්‍ය නියෝජ්‍ය පාලක ඇතුළු නිලධාරීහු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.
055
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහරින්න‘‘
ලංකාපුත්‍ර Wednesday, 21 August 2019 01:37 AM
පරීක්ෂාවක් කරන්නකෝ කවුද පුපුරණ ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන්නේ කියලා. ඒවත් වෙනස් කලොත් රටට යහපතක් වෙන්න පුළුවනි.