(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්‍ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසුණු ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගත්තේ පරදින බව දන්නා නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඔවුන් තවමත් ඊනියා ජාතික ආණ්ඩුවක් බිහිකරගෙන ඇමතිධූර වැඩිකරගැනීමට උත්සාහ කරමින් සිටින බව ද මන්ත‍්‍රීවරයා පැවසුවේය.
මාකදුරේ මධුෂ් වැනි පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇතැම් දේශපාලකයින් සහයෝගයෙන් කටයුතු කර තිබීම ගැන රටක් ලෙස කණගාටු විය යුතු බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන් සැබෑ ජනතා නියෝජිතයින් නොවන බව ද කීවේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මෙයා නම් අපරාදේ කියන්න බැ ඉල්ලපු සියලුම ඡන්ද වලින් දිනුවා නේද?
මහජන ඡන්දෙකට මොවුන් යන්නේ නැහැ ගියොත් පරාදයි.
ජන පදනමක් නැති, ප්‍රායෝගික හෝ න්‍යායික දේශපාලනයේ මළ පොතේ අකුරක්වත් නොදත් මෙවැනි අය කියන කතා ජනතාව නොපිළිගනී. ශ්‍රී.ල.නි.ප. ආ ගමන් මගවත් නොදන්නා මේ අය කතා කරන්නේ කුමක්ද යන්නවත් නොදැන ගිරව් මෙන් කියවීම රටක දේශපාලනය කිරීමට සුදුසුකමක් නොවේ.