IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙටත් නෑ

(අංජුල මහීක වීරරත්න)

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිලිබඳ යෝජනාව හෙට ( 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිලිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (06) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී  තීරණය කර තිබිණි.

එහෙත් ජාතික ආණ්ඩුව තවත් ශකිතිමත්ව පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කොට ඉදිරි දින කිහිපය ඇතුළත අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ අමාත්‍යධුර වැඩිකර ගැනීම නොව ස්ථාවර මෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ඉදිරි කාලයේ  බාධාවකින් තොරව ජනතා සේවය සැපයීමට වාතාවරනය සකසා ගැනීම බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවැසීය.

ඒ අනුව තවත් දින කිහිපයකින් ජාතික ආණ්ඩු යොජනාව ඉදිරිපත් කිරීම කල්යනු ඇතැයිද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.



අදහස් (8)

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙටත් නෑ

nihal c k Wednesday, 06 February 2019 10:01 PM

ශක්තිමත් රජයක්නම් බහුතරය 113 හොදටම ඇති ගෙනෙන හොද පනත් සහ යෝජනා ජනතාවාදීනම් පාර්ලිමේන්තුවේ චන්දය ලැබේවි එවිට විරුද්ද පක්ෂයට පවා චන්දය නොදී සිටීමට නොහැක්යි.බහුතරය නැත්නම් කොලේවහල ගහන පනත් ගෙන්න බෑඇමතිකම බලාගෙන රජයට සම්බන්දවෙනවානම් ඔහු ජනතා සේවයට නොව ඔහුගේ පරම්පරාවේ සේවයටයි රජයට සහයෝගය දක්වන්නේ තව වසර එකහා මාරක් රජය ගෙනයාමටනම් ට් එන් ඒ සහය අවශ්‍යයි ඔවුන් සහය දෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම් සපුරාලනවානම් පමණයි එසේනම් ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි එසේනම් විරුද්ද පක්ෂයෙන් එන අයට ඇමති දොලපිදෙනිය දිය යුතුයි

:       0       78

lanka Wednesday, 06 February 2019 11:47 PM

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට නම්, සත්‍ය වශයෙන් කල යුත්තේ මහජන චන්දයක් පවත්වා ජනමතය මත පිහිටි රජයක් පිහිටුවීමයි.

:       2       197

ajith Thursday, 07 February 2019 05:13 AM

ඇමතිතුමනි, අපිට නම් ඔය ජාතික ආණ්ඩුවලින් වැඩක් නැහැ. ඔබතුමාලගේ පක්ෂෙට දර දිය ඇදපු සාමාජික පවුල්වල දරුවන්ට රැකියාවල් ලබා දෙන්න. කොහේ පත්වීම් දුන්නත් අපේ ගමේ එජාප එක්‌කෙනෙකුටවත් කම්කරු රැකියාවක්වත් ලැබිලා නැහැ.

:       457       347

hasanthaThursday, 07 February 2019 06:14 AM

ලජ්ජා නැද්ද රසාවල් බලාගෙන ඡන්දෙ දෙන්න. ඔබලා වගේ ආත්මාර්තකාමින් නිසා තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ. තමන්ගේ හැකියාවෙන් රැකියාවක් හොයාගන්න. උපාධිදාරියෙක්වත් රජයෙන් රැකියා අපේක්ෂා නොකළ යුතුයි.

:       231       469

AmilaThursday, 07 February 2019 07:15 AM

රනිල් කවද්ද පාක්ෂිකයන්ට සැලකුවේ. ඕන්න නිකන් හරි රාජකීය කල්ලියේ නන් සලකලා බලවී.

:       0       178

smith Thursday, 07 February 2019 07:10 AM

පරිස්සමෙන් කට අරින්න ඇමති තුමා,

:       0       75

Deepal Nirosh Thursday, 07 February 2019 08:38 AM

අනේ හොඳා, ඔන්න ඔය කෙහෙල්මල් යෝජනාව ඔහොමම ඉල්ලා අස්කර ගන්න. පින් සිද්ධ වෙයි.

:       0       179

ajith Thursday, 07 February 2019 09:15 AM

හසන්ත ලැජ්ජවෙන්න ඕනේ ඡන්දෙ දීපු අපියි. මහින්ද ඉන්නකොට රැකියා දුන්නේ විභාග තියලද? මේ ගොල්ලනුත් ලැයිස්තුවලින් රැකියා දෙනවා. මම කියන්නේ එකයි. නියම විධියට රැකියා දෙනවා නම් මමත් කැමතියි, ඕනේ විභාගෙකට ඉදිරිපත් වෙලා ලකුණු ගත්තු විධියට රැකියා දෙනවාට

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site