IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජූඩ් ශ්‍රමන්තට ජනපති සමාව දීම ගැන ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අදහස් විමසයි

(බිඟුන් මේනක ගමගේ) 

ස්විඩන් ජාතික ඉවොන් ජොන්සන් නැමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ලිඛිතව තම මතය විමසා සිටින බව එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීප’ යට අද (11) පැවැසීය.

ජුඞ් ශ්‍රමන්ත ජයමහ නමැති පුද්ගලයාට ජනාධිපති නිදහස ලබා දුන් ආකාරය මරණ දඬුවම හිමිවූවන්ට ජනාධිපති නිදහස ලබාදීමේ ක්‍රමයේ විනිවිදභාවය හා සාධාරණත්වය ගැන ප්‍රශ්න රැසක් මතුකරන බැවින් මෙසේ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සිය අදහස විමසීමට කටයුතු කරන බව නීතිඥ පෙරේරා මහතා කීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් මෙම තීරණය සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මුළුමනින්ම හෙළා දකින බව කී හෙතෙම ඊට එරෙහිව හෙට (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පවත්වන බව ද කීවේය. 

මරණ දඬුවම නියමවූවන්ට ජනපති සමාව දීම ඇත්තේ නීතිමය අක්‍රමිකතාවයකින් අසාධාරණයක් වුවහොත් භාවිතයට ගැනීමට වුවද ලංකාවේදී බලයට පත් සෑම ජනාධිපතිවරයකුම එම බලය අවභාවිත කළ බවට නීතිඥ සේනක පෙරේරා මහතා චෝදනා කළේය.

මරණ දඬුවමට ජනපති සමාව දෙන්නැයි ඉල්ලූ වයෝවෘද්ධ කාන්තාවක් ඇතුලු පිරිසක් සිටියදී මෙවැනි පුද්ගලයන්ට සමාව දෙන්නේ කවර පදනමකින්දැයි සිතාගත නොහැකි බවත් නීතිඥවරයා කීය.

 

 



අදහස් (10)

ජූඩ් ශ්‍රමන්තට ජනපති සමාව දීම ගැන ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අදහස් විමසයි

Mahee Monday, 11 November 2019 03:57 PM

මේ විදිහට අපේක්ෂකයින්ගේ අදහස් විමසන එක නම් ඉතාම වටිනවා. අපටත් මැනගන්න පුළුවන් අපේක්ෂකයන්ගේ හැටි සොබාව. නීතිය බල්ලට යමින් තිබෙන රටක ලොකු මිනිස්සුම ඒ වැඩේ තව ටිකක් ඉක්මන් කරවන එක ගැන ඒ ගොල්ලෝ කියන දෙයින් නීතියට කොච්චර ගරුකරන අයද කියලා තේරුම් අරන් අපි ඡන්දෙ පාවිච්චි කරමු...

:       21       428

RaveendraTuesday, 12 November 2019 12:15 AM

මහී මයා වෙත, ඔබගේ අදහස් යම්තාක් දුරට නිවැරදි බව අපගේ අදහසයි. මක්නිසාදයත් ( අපටත් මැනගන්න පුළුවන් අපේක්ෂකයන්ගේ හැටි සොබාව) යන වාකයේ අදහසට නම් එකගවිය නොහැකිය. ඊට හේතු සාධක ලෙස අප දකින්නේ අවරුදු 71 වැනි කෙටි කාලයක මෙම බලුපොරයට පැමිණ " සෑම බලු අපේක්ෂකයෙක්ම නියම ගල් ආදන් බැවිනි "කිව්වේ දෙයකි. නමුත් කෙරුවේ තව දෙයක් නොවේද ? හොදින් නිරීක්ෂණය කර බලන්න මිනිසුන්ට මේ අපේක්ෂකයන් මෙතෙක් දී තිබෙන සහ දෙමින් තිබෙන කැරට් අල තොගය. කෙටියෙන් සදහන් කරනවා නම් මුන් ඔක්කොම " කබර මාංශ වල්ඌරු මාංශ " ලෙස ගිල දැමීමට ඇති දක්ෂයන්ය.

:       0       0

yakaTuesday, 12 November 2019 03:39 AM

දීලා ඉවර වෙලාද මෙහි අදහස් අහන්නේ. වටිනවා කියන්නේ ඒකද?

:       0       0

gunda Monday, 11 November 2019 04:13 PM

වාර්තාවල දැක්වුණු අන්දමට මේ චුදිතයා 12 අවුරුදු සිර දඬුවමකට පළමුව යටත් වූ අයෙකි. වින්දිතයන්ගේ අභියාචනය මත මරණීය දණ්ඩනය දක්වා පළමු දඬුවම වෙනස්වී තිබේ. නැවතත් අභියාචනය කිරීමෙන් එම දඬුවමම ස්ථිර වී තිබේ. එසේ තිබියදී 2016 දී ජනාධිපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා දඬුවම ලිහිල් වී ඇත. එසේ සමාව දුන්නේද වර්තමාන ජනාධිපතිවරයාමය. එයද විමසා බැලිය යුතු තත්වයකි. එසේ තිබියදී එම ජනාධිපතිවරයාගේ ධුර කාලය ගෙවී යාමට දවස් 8 ක් පමණ කාලයක් පමණක් ඉතිරිව තිබියදී ඔහුම මරණීය දඬුවමකට යටත්ව සිටි වරක් සමාව දෙන ලද දරුණු ගණයේ සිරකරුවෙකුට පුර්ණ සමාව දී නිදහස් කිරීම විධායක ජනාධිපතිවරයෙකු සිය බලය අනිසි ලෙස අවභාවිත කල අවස්ථාවක් සේ දිස්වේ. මෙම චුදිතයා සිර දඬුවමින් නිදහස් කලේ නම් මරණීය දණ්ඩනය නියම නොවූ අය හා අනෙකුත් සියලුම සිරකරුවන්ට ද නිදහස ලබාදිය යුතුය. මෙතෙක් ජනාධිපති පදවියට පත්නොවූ අපේක්ෂකයන්ගෙන් මෙය වීමසීම නොකල යුතු කාර්යයකි. එය ඔවුන්ට දේසපාලන වාසියක් හෝ අවාසියක් විය හැක .

:       0       0

Pradeep Monday, 11 November 2019 04:56 PM

අඟේ ඉඳන් කන කෑවා නම් ඕකත් වැඩක්ද? රටේ ප්‍රධාන පුරවැසියා තෝරා ගන්නා විට ඉතාමත් සැලකිලිමත් වෙන්න කියන්නේ ඒකයි. නමුත් අපි වල්පැල සිටුවලා, සාත්තුකරලා පසුව රෝස මල් බලාපොරොත්තු වෙනවා. මේ පාරවත් හරි දේ කරන්න.

:       0       0

sudath Monday, 11 November 2019 11:16 PM

යන යකා කොරහත් බිඳගෙන යනවා..

:       0       0

Sanath Kandy Tuesday, 12 November 2019 03:37 AM

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ දිනයේම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙය හෙලා දැක තිබුනා. එහෙම කෙලින් අදහස් පල කරන්න පුළුවන් අපේක්ෂකයෙකුට ඉන්නේ ඔහු විතරයි. ඒ නිසා තමා අද ඔහු මේ රටේ ජනතාවගේ හදවත් වේගයෙන් දිනාගනිමින් ඉන්නේ.

:       0       0

justin Tuesday, 12 November 2019 04:23 AM

මෙයාගේ කට්ටකම.... බලන්නකෝ හෙට, අනිද්දා කුඩු රජාව නිදහස් කළේ නැත්නම්...

:       0       0

sena Tuesday, 12 November 2019 04:52 AM

ලජ්ජා නැති වැඩ කරලා තව තව හෙළුව වහ ගන්නත් යනවා.

:       0       0

මෛත්‍රීපාල Tuesday, 12 November 2019 05:27 AM

තරුණ ජනපති කෙනෙක් අවශයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1108 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site